Tuesday, December 22, 2015

ප්‍රිරිෆෙක්ට්ස්ලට බයත් නෑ ණයත් නෑ

අපි ඉස්කෝලේ යන කාලේ අපට පේන්න බැරි අය අතර හැමදාම ඉන්නේ අදි පණ්ඩිත ප්‍රිරිෆෙක්ට්ස්ලා ආයේ ඒකේ හොදන්න දෙයක් නෑනෙහ්. ඇස්ටොනිෂ්ටත් ඉතින් එහෙමම තමයි. ප්‍රිරිෆෙක්ට්ස්ලා හිතන්නේ එයාලා තරම් ඉස්කෝලේ පොරවල් නෑ කියලා අපි එයාලට බයේ ඉන්න ඕණ කියලා. ඒත් ඉතින් ප්‍රිරිෆෙක්ට්ස්ලාට විරුද්දව කවුරුත් කට ගහන් යනව අඩුයි ඒහෙම කරත් ගොඩ දෙනෙක්ට යටත් වෙන්නම වෙනව මොකද ඉතින් ඉස්කෝලේ විනය භාර මිස් හෝ සර් ඉන්නේ ප්‍රිරිෆෙක්ට්ස්ලාගේ පැත්තෙනෙ. උදේ රැස්වීම ඉවර වෙලා පේළියට යනකට ඉතින් කොට ගවුමුයි, බැජ් නැති අයවයි, පාට බූල් දාපු අයවයි අල්ලන්න ගත්තා ප්‍රිරිෆෙක්ට්ස්ලා වේලසනින් දැක්කනම් බොරුවට කලන්තෙ වගේ ඇක්ට් කරලා පංතියට යන්න තිබ්බා. ඒත් ඉතින් නෝ ටයිම් ඇස්ටොනිෂුයි තව ළමයෙකුයි හව් උනා බැජ් නෑ කියලා අළුත් ගවුම නිසා බැජ් නෑ මේ සීන් එක උනේ පළවෙනි වාරේ නිසා ගොඩක් අය බැජ් නැතුව අල්ලා ගත්තා. A එකේ නිවුන්නු දෙන්නයි ඒයාලගේ සෙට් එකේ තව ළමයෙකුයි හිටියා.ඇස්ටොනිෂ් ගේ ඉතින් වැඩියේ කතාබහක් නෑ එයාලා එක්ක ඒත් ඉතින් මේ වගේ වෙලාවකට අපි ඔක්කෝම එකට හිටියා මොනා උනත් එකම වසරවල අය නිසා. එතකට තමයි ඇස්ටොනිෂ්ගේ උකුසු එස් වලට හසු උනේ එතන හිටිය ප්‍රිරිෆෙක්ට්ස්ලා දෙන්නෙක් පාට පාට බූල් දාන් හිටියා. අපේ ඉස්කෝලේ පාට පාට බූල් දාන්න තහනම්

Friday, December 18, 2015

ඇස්ටොනිෂ්ගේ හොඳම හොඳ පිස්සුම පිස්සූ යාළුවා...


ඇස්ටොනිෂ් ගේ හොඳම යාළුවෙක් අද ආවා එයාව බලන්න ලගට ආපු ගමන්, ඉතින් හිතුනා පොඩි සටහනක් එයා ගැන තියන්න. මෙහෙමයි ඇස්ටොනිෂ් එක්ක තව පිරිමි යාළුවෝ දෙන්නෙක් හිටියා ඉස්කෝලේ කම්පුටර් ගැන් එකේ. එයින් එක්කෙනෙක් තමයි අද උදේ ආවේ.එයාගේ නම දර්ශ මුළු ඉකෝලේම දන්න චරිතයක් ඉතින්. මෙයා ඉන්නේ කොහෙද එතන මාරම ෆන් හිනාව විතරමයි තියෙන්නෙ ඉතින්. අපි තුන් දෙනා එක්කව සහ දර්ශගේ මුලිකත්වයෙන් ඉකෝලේ වගේම අමතර පංතියෙත් සිදු උන කතාන්දර මතක් වෙද්දිත් සතියක් හිනාවෙන්න පුළුවන්.අද ඇස්ටොනිෂ් කියන්න යන්නේ ඒවා තමයි.

දර්ෂ ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි වගේම ඉකෝලෙදි එයාව පංතියේ නැත්තම් ඉන්නේ අයිටී රූම් එකේ විතරමයි. සමහරක් දවස් වලට කලණයි දර්ශවයි මහේෂ් සර් ඇතුළට ගන්නෑ ඒ වෙලාවට ඉතින් ඒ දෙන්නා කරන්නේ මට ෆ්රී ටයිම් එකක් එනකන් ඉදලා මාව ඉස්සරහට දාලා අයිටී රූම් එකට පනින එක. 2007-08 ගනන් වල අයිටී මැගසීන් එකක් ආවා රේ කියලා ඔය මැගසින් එකේ ෆ්රී ගේම්ස් වගයක් දුන්නා දර්ශ කරන්නෙ සර් ගෙන් මැගසීන් එක අරන් ගේම් ටික කොපි කරලා රේ එක හරි නෑ කියල ආයෙම සර්ට දෙන එක. අපේ සර් හරීම අහිංසක නිසා මුකූත් කියන්නෑ ඉතින්. ඉකෝලේ මුළින්ම එන්නේ දර්ශ ඒ මොකටවත් නිමි අයිටී රූම් එක අතුගාලා පැය භාගයක් විතර ගේම්ස් ගහන්න 7.30 වෙනකන්. ඉකෝලේ පෙන් ඩ්‍රයිව් තිබ්බේ ළමයින්ගෙන් අපි තුන් දෙනාට විතරයි. දැන් මේක කියවන අය හීනා වෙයි ඒත් 2008-9 කාල වල පෙන් එකක් තියෙනව කියන්නෙ ලඟ අමුතූම ගැන්මක් තියෙන්නෙ. අනික ඒ දවස් වල හයිම කැපසිටි එක තිබ්බේ 1 ජිබී.මහේෂ් සර්ම තමයි දර්ශටයි කලණටයි පෙන් දෙක ගෙනත් දීලා තිබ්බේ. ඒ වගේම ඉතින් අළුත් වාර පටන් ගනිද්දී මහේෂ් සර්ට හම්බේන කේක් පෙට්ටි ටිකට වග කියන්නෙත් අපි තුන් දෙනාම තමයි.

Monday, December 14, 2015

හීනෙකින්වත් කෑමක් නම් අතරින්නෑ


අන්තිමට පොස්ට් එකක් දැම්මේ කවදද?කියලත් මතක නෑ කාලේකින් පොස්ට් එකක් දැම්මේ නෑ කියල නම් මතකයි. පොස්ට් දාන්න අයිඩියා එද්දි මං කොම් එක ලඟ නෑ, කොම් එක ලඟට ආවම ලියන්න දෙයක් මතක් වෙන්නෑ. ඔය අතරේ තමයි මගේ බොක්ක ෆිට් එකක් දැක්ක හීනයක් මතක් උනේ. හීනේ දැක්කේ මගේ 1 වසරේ ඉදන් අද වෙනකන් ඉන්න යාළුවෙක් වෙන සූ. අපි ආදරේට එහෙමයි කතා කරන්නේ.

මේ හීනේ දැකලා තියෙන්නෙ නම් අපි ඒලෙවල් කාලේ.මෙන්න මේකයි හීනේ සවිස්තරාත්මකව ගත් කල,

වෙන ඉස්කෝල වල නම් කොහොමද දන්නෑ.  අපේ ඉස්කෝලේ  ප්‍රින්සිපල්ට වඩා ළමයි කැමති මුර කරන අංකල්ට. දවසක් අපි 5දෙනා ප්‍රින්සිපල් ගෙන් අහන්නැතුව මුර කරන අංකල්ට විතරක් කියලා පාරට ගිහින් අයිස් ක්‍රිම් කන්න. අපි ඉතින් රස කර කර කකා එද්දිම ප්‍රින්සිපල් එනවලු ඉස්සරහට ප්‍රින්සිපල් ඇහුවලු කාගෙන් අහලද එළියට ගියේ කියලා. ඊට පස්සේ අපි කියලා මුර කරන අංකල්ගෙන් අහලා ගියේ ඔයා කවුද ඔයාගෙන් අහල එළියට යන්න කියලා. හොඳ වෙලාවට එහෙම අහලා තියෙන්නෙ හීනෙන් ඇත්තටම ඇහුවන්ම් පස් දෙනාගෙම බැජ් ගලවනවා හැමෝම ඉස්සරහ උදේ රැස්වීමේදි මොකද අපි 5ම ප්‍රිෆෙක්ට් ලනේ.හොද වෙලාවට ඒක හීනයක්ම උනේ. 

Tuesday, December 8, 2015

woe { පුංචිමලට ආදරේන් ලැබුණ දෑ. }




එකමත් එක කාලේක පුංචිම පුංචි මල් කුමරියෙක් ජීවත් වුනාලු. මේ පුංචි මල් කුමරි කාලේත් එක්ක හැමෝගෙම ඇස් උදුර ගන්න සමත් උනා වගේම කටකාර දඟකාර හුරතලියක් ලෙස හැමෝම අතර ප්‍රසිද්ධලු . ඔය අතරේ මේ පුංචි දගකාරිගේ හිත ගන්න ගොඩාක් දෙනා උත්සහා කරත් මේ පුංචියාට ගානක්වත් තිබ්බේ නෑ. මොකද එයාට එයාගේ ගෙදර අය පාසලේ ගුරුවරු වගේම යාළුවෝ පවා ආදරය රැකවරණය අසීමිතව හම්බුන නිසා වෙන අයගේ ආදරයක් තියා බැල්ලමකටවත් ඒ හිත ගන්න බැරි උනා. ගොඩක් අය ආදරේ කරේ ඒ පුංචි මල් කුමාරිගේ හිනාවට, මොකද මල් කුමාරි සැහැල්ලුවෙන් පාවි පාවි හිටියේ වලාකුලක් වගේ කිසිම බරක් තිබ්බේ නෑ හිතේ ඉතින් තිස්සෙම හීනා වුන ගමන්මයි. මේ මල් කුමාරිට හරිම හිසරයක් ලු සමහර එයා වටේ කැරකැවෙන අයගෙන් ඒත් මල් කුමාරි ගේ හිතේ තිබ්බේ තමන් මුළු ජීවිත කාලේටම එකම එක සමනළයෙකුට විතරක්ම තමන්ගේ හිත දෙන්න. මොකද එයා කැමති උන්නැ කවදාවත් මලක් වෙන්න. මොකද මල් වලට සමනල්ලු, මැස්සෝ, කූබියෝ වගේම බඹරුත් වහන නිසා.මලක් කියන්නෙ පොදු වස්තුවක් වගේ දෙයක් නිෂ්චිත අයිතිකාරයෙක් නෑ. මෙයා ඇත්තටම මලක් නොවුන මලක් කියලා තමයි අපට හිතන්න වෙන්නේ එහෙමනම් නේද?

Saturday, December 5, 2015

They still together_09


උදෙන් නැගිටිනව කියන එක කරන්න බැරි දෙයක් නිමි කරන්න බැරිම දෙයක්. වයසේ වැරද්දද? ඇත්තටම මොකක්ද මේ වයසේ වැරැද්ද කියන ඒකේ තේරුම. අපි දැන් කරන වැරදි අපිට කලින් මේ වයස ආපු අයත් කරා කියල කන්ෆෝම් කරනවා වෙන්න ඇතිනෙහ්.ඕණ එකක්, ඊයේ හරියට නින්දක් නැති නිසා මාව නිකන් මත් වෙලා වගේ. වතුර බිබි ශේප් උනා.කවදාවත් නැතුව වමනෙටත් එනවා වගෙ, හොඳ වෙලාවට මං ලඟ ටික් ටැක් තිබ්බේ නැත්තම් ඉතින් වෙන දේ කියන්න ඕණ නෑනෙ. මං ගේට් එකෙන් ඇතුල් වෙනකටම උඩ බැල්කණි එකේ ඉන්දන් අකංෂා අත වැනුවා. වෙලාව 7.52 මේ බූතිද මේකේ ගෙට් එක අරින්නේ.යමුකෝ ගිහින්ම අහනවා.කියලා හිතාගෙන මං අකංෂා ඉන්න තැනට ගියා.

ගේට් එක අරිනවට කීයක් දෙනවද උඹට?
ඇයි මගෙ ජොබ් එකට විදින්න හිතුනද?
හීනෙකින්වත් නෑ.

Thursday, December 3, 2015

An alien attack

එක පාරකුත් ඇස්ටොනිෂ් දැකපු හීනයක් ගැන ලිවුවනේ.මේත් ඒහෙම හීනයක්. හීනෙ දැක්කේ 2012 ලෝක විනාසෙට කලින්, තව විදියකට කිවුවොත් ඇස්ටොනිෂ් ඒලෙවල් ලියපු අවුරුද්දේ. ස්කෝලේ යන කාලේ තමයි දැක්කේ ගෙදරට චන්ඩියා උනාට ස්වභාවික විපත් වලට අමු බයයි. ඕන්න ඉතින් හීනේ වුනේ එහෙමයි.

 Dream_I
අපේ ඉස්කෝලේට ඒලියන්ස්ලා ඇටෑක්ට් කරලා පිට්ටනිය මැද වගෙ පියාබන පීරිසියකුත් තියෙනවා.අපේ ඉස්කෝලේ පිට්ටනිය ටිකක් උස් කරල හදල තියෙන්නෙ සුනාමියෙන් පස්සේ. ඕන්න ඉතින් පියාබන පිරිසිය ලඟට චකා යනව පිට්ටනියේ පල්ලම ලඟදි චකාට වෙඩි තියනව. චකාගේ තියෙනවා ඇක්ටින් එකක් හාර්ට් ඇටෑක් වගේ පපුව අල්ලන්පාත් වෙන. චකා ඒ විදියටපාත් වුනා. ඇස්ටොනිෂුයි වාසනයි සුසායි අපේ සෙට් එකයි පුස්තකාලේ ගාවින් ඇවිත්  පිට්ටනියේ තියෙන විද්‍යා ලැබ් එකට