Showing posts with label astonish. Show all posts
Showing posts with label astonish. Show all posts

Wednesday, May 27, 2020

Come back


වැලපෙනා සිතුවිලී
අඩ අඩා ඉදපු දෙන් 
ඉකි ගසා ඇඩුවොතින් 
හෙටක් නෑ රත්තරං

By astonish


Sunday, May 14, 2017

සිහින

සිහින කියන්නෙ ඇත්තටම හිතේ තියෙන දෙයක් රෑට පේන එකමද ? නැත්තම් ඊට එහා දෙයක් ඒ තුල තියෙවද යන්න කියන්න දන්නේ නම් නෑ ඇස්ටොනිශ්.හැබැයි කාලේක ඉදන් දකින හීන වල තෙරුම හොයන පිස්සුවක් නම් තිබ්බා.ඇස්ටොනිශ් දැක්කොත් දකින්නේ අලි, සිංහලයන්, නයි වගේ සත්තු ඇරුනම එලියන්ස්ලව තමයි. ඒ කාලේ එලියන් කෙනෙක් ඇවිත් උස්සන් යනකන් බලන් ඉදලම ඇති වෙලා දැන් ජොබ් එකත් එක්ක මරලා වගේ ආපු ගමන් නිදි හීන පෙන්නෙත් නෑ වැඩියේ. http://www.dreammoods.com/ මෙන්න මේ සයිට් එකේ තියේ දකින හීනේ තියෙන සිම්බල් එක අනුව ඒ හීනේ තෙරුම ගැන දළ අදහසක් ගන්න පුලුවන්. කොහොම උනත් දකින හීන වලින් ඇත්තටම තෙරුමක් තියේ. ඒවා  අපේ ජීවන රටාව අනුව ගලප ගන්න ඕණ. රෑට දකින හීන හීනයක් කියලම ඇත ඇරලා දාන්න එපා. මං මගේ පෞද්ගලික අත්දැකීම් කියන්නම්කෝ,

Sunday, March 19, 2017

24


කාලේකින් මේ පැත්තේ ආවේ 23 උපන් දිනය වගේම 24 උපන් දිනේටත් කලුතර බෝධියට වයසේ ගානට මල් පූජ කරන වැඩේ කරන්න පුලුවන් උනා. අදට සතියක් වෙනවා ඉතින් 24ක් වෙලා. වෙලාවක් කලාවක් නැති වෙලා නිසා ලියන්නම වෙන්නේ නෑ.මේ අවුරුද්දේ නම් හුගාක්ම වෙනස් විදියට තමයි මල් පූජ කරන්න උනේ. මොකද මේ පාර ඇස්ටොනිෂ් මල් පූජ කරේ එයාම හම්බ කරපු සල්ලි වලින් කොටින්ම මුල්ම පඩියෙන් එ නිසා හිතට තවත් සතුටුයි. කලින් තනියම ගිහින් මල්පූජා කරලා හැරෙන තැපෑලෙන් ගෙදර. මේ පාර ඉතින් ජිවිතේට ආපූ අලුත්ම කෙනෙක් එක්ක(අලුත් කිව්වට අලුත්ම නෑඑ. ටිකිරි කාලේ ඉදන්දන්නවා) මල් 24ම පූජා කරලා හැරෙන තැපෑලෙන් වැඩට ගියා. ඒ වගේම මේ උපන් දිනේ තමයි ඉස්කෝලේ අන්තිමටම සමරපු උපන් දිනෙන් පස්සේ සතුටින්ම කල් ගෙවුනු උපන් දිනේ. 




Sunday, January 29, 2017

පොඩි කෙල්ලේ

පොඩි කෙල්ලේ උඹ අත එතී..
සිටින කොල්ලා මම දනී...
මීට පෙර දින ඌ මෙහී...
ගෙනා කෙල්ලොත් මම දනී...
.
කෙල්ලේ උඹ මගෙ පොඩි එකී...
වාගෙමයි හරි හුරතලී...
කටත් ඒ වගෙමයි ගතී..
ඒත් උඹ හරි ගොන් එකී...
.


අම්ම අප්පා නුඹගෙනී...
උන්ට කිසිවක් නොපතමී...
උඹව රැකගන්නට නොකී...
ලෝකයක් සටනට වදී...
.
මල් පාරෙ උඹ උගෙ එතී...
කරන දගකම් මම දකී...
මගෙ හිතත් හරියට රිදී...
මගේ පොඩ්ඩිව සිහි වෙතී...

Thursday, January 12, 2017

Letter to future


අනාගතය,
උඹ මාත් එක්ක කරන්න හදනසෙල්ලම
දැන් දැන් මට තේරෙනවා
මොකද,

වර්තමානය,
 මට හිමින් හිමින් ඉඟි දෙනවා උඹ ගැන 

ඇස් දෙකේ මායම









මතක ඇතුව ලියපන් උඹත්ඒ ඇස් දෙකේ මායමමමත් කවි ලිව්වේඒ ඇස් දෙකටදැන්උඹේ වාරයමට වඩා ගලපහන් පදනැත්තම් උඹටත් මගේම සෙත….

Monday, July 25, 2016

SUN බිස්කට් එක රස නැද්ද? එහෙනම් අළුත්විදියකට කමු.


කාලේකට පස්සෙ ඔන්න ආයෙමත් ඇස්ටොනිෂ්ට පොස්ට් එකක් දාන්න හිතුනා. සිනාකඳුළු බොඳ වෙලා ගිහින් වගේ  නේහ්. මේ පොස්ට් එක රස දෙයක් ගැන අද උදේ ඇස්ටොනිෂ් කාපු කෑමක් ගැන  තමයි මේ.මහා ලොකූ ඇඩ් දාන් කරළියට එන  මංචී බිස්කට් ආවට වඩා වේගෙන් මාකට් එකෙන් අවුට් වෙනවා මංචි ටිෆින්, චීස් කැකර් ඉට්සි. මුලින්ම ඇඩ් එක දාද්දි සන් යනු අළුත් සන්ලයිට් කෑල්ලක් කියලා හිතුනේ ෆොන්ට් එකත් ටිකක් ඒ වගේම වගේ දැක්ක නිසා. බැලින්නම් බිස්කට් එකක්. කාපු අය මෙලෝ රහක් නෑයි කියනව.  අළුත් සන් ඊයේ අපේ ගෙදරට පායපු දවස. එත් අද උදේ ඇස්ටොනිෂ්ට හිතුනා සන් ව පාන් එක්ක කන්න.
ගෙදරට ගේන ඕනම පාන් ජාතියක පෙති දෙකක් අරන් ඒකට මුලින් ජෑම් ගාගෙන.ඊට පස්සේ සන් දෙන්නෙක් පාන් පෙත්තේ මැදට තියලා සන්  ඩබල චීස් වලින් වසා දමා අනුභව කරලා බලන්නකෝ ඇස්ටොනිෂ්ට අමුතුම රසක් ආවා ඔයාලත්  කාලා බලලා කියන්නකෝ කොහොමද කියලා.කොහොමත් සන් ගේ පොඩී චීස් රහක් එනව මංචී බිස්කට් චීස් රහයි කිව්වොත් ඉතින් චීස් දාන්ම කන්න ඕණ නැත්තම් චීස් රහ නෑ.කෑම එක එක විදියට ලෝකේම නැති එවා එක්ක කාල බලන්න අමුතු රහක් එනවා. හරියට සෝයා අයිස් ක්‍රිම්මුයි උණු උණු වඩෙයි කද්දි වගේ. රෝලසුයි සම්බෝලයිත් මාර රසයි. නිකන් මොංගල් වගෙ තමයි ඒ උනට රසයි . රසනේ තියෙන්න ඕණ එහෙන්ම් කොහොම කෑවත් එකයි. බය වෙන්න එපා ලෙඩ වෙන්නෑ. මැරෙන්නෙ නෑ ඇස්ටොනිෂ් තවම ජීවතුන් අතර.
  

Monday, June 27, 2016

ප්‍රේමවන්තයෙක්ගේ.... මලගම....


මම,නුඹට ආදරේ කලා...මම,නුඹට ආදරේ කරනවා...නුඹ,මට ආදරේ 

කලා...නුඹ,ඔහුට ආදරේ කරනවා...මම තවමත්........ වැඩක් 

නෑ.....දවසක් ඒවි... එදාට වැටහේවි.....ඒත් එදාට.......මම සමනල්ලු

ගාව පණිවිඩයක් තියන්නම්....එයාලා ඔයාට කියාවි......හැම 

දෙයක්ම......මං ගෙවපු මේ අමාරු දවස් ගැන....මං බලාගත්තු අත බලා 

ගෙන හිටපු හැටි....කවදාවත් තරහා නොගත්තු මට ඉක්මනට තරහ ගියපු

හැටි...හැමෝටම සතුටින් ඉන්න කියපු මම හොරෙන් ඉකි ගහපු 

හැටි....

හැම දේටම යාළුවන්ට කතා කරපු මම උන්ගෙන් දුරස් උන හැටි....

ඔයාගේ පිංතූර බල බල තනියෙන් හිනා උනු හැටි....මහ රෑට නින්දෙන් 

විකාර කියවපු හැටි...අතට ගත්තු කෑම කටට දාගන්නේ නැතුව නොකා 

හිටපු හැටි...ගෙදර මිනිස්සුන්ව දුරස් උන හැටි....මේ හැමදේම නිසා මට 

පිස්සු කියලා මාව කොන් කරද්දි මං හිටපු හැටි.....මාව දොස්තර 

මහත්තුරු බලලා මට පිස්සු කියලා කියද්දි මගේ හිත තවත් කඩන් වැටුනු

හැටි....

.පිස්සෙක් විදිහට බෙහෙත් බොන්න පටන් ගනිද්දි හිතට දැනුනු 

හැටි....අන්තිම දවස් වල හැම අතින්ම ලෙඩ වෙලා පිස්සෙක් වෙලා 

හංවඩු ගහද්දි මට මැරෙන්න හිතුනු හැටි....අන්තිමටම මං මැරුනු 

හැටි.....මැරෙද්දිත් මගේ හිතේ ඔයා හිටිය හැටි......සමනල්ලු විතරක්

මගේ ගාවින්ම හිටිය හැටි....


.ප්‍රේමවන්තයෙක්ගේ.... මලගම....

.


.(ප.ලි - මෙහි සදහන් සමනළුන්ද ඔහුගේ හිතේ ඇදි මායාවක් බව 

වෛද්‍ය නිගමනයන් අනුව පැහැදිලි වේ... එනම් එයද ඔහුගේ සිතේ 

මැවුනු දෙයකි.... එනම් ඔහුට සමනලුන්ද මායාවකි...ඔහු ඔහුවම රවටා 

ගත්..)...-MJ-

MJ's poem stolen by Astonish




ඉකිබිඳ වැලපෙන පෙරදිග අහසට 



පාළු මකන තරුවක් වෙන්න...


.ආස හිතෙනවා සුන්දර ඔය හිත 


මගේ හිතේ හිර කරගන්න...


පෙරමන් බැලුවත් රදවා ගන්නට 


බැරිනම් හැමදාමත් ඉන්න...


.මගෙ හිත ඔබ අසලින්ම තබාගෙන


යන දවසක විසිකර යන්න...

. -MJ-

Monday, May 30, 2016

busy season

Its been a busy season for me, I don't get much free time to write my blog...


Friday, May 6, 2016

Who I’m I

උදේ පාන්දරින් කොහේ හරි යද්දී හිතට නැඟෙන ප්‍රබෝධය නම් ඉර එළිය ඇඟට වැටුනම ගන්න බෑ. වටේම තියෙන අතී රමණීය සුන්දරත්වය විඳීමේ අයිතිය ඇතැතිව කලින් කිව්වා වගේම මං යනවා දෙපැත්තේම උස ගස් වවලා තියෙන එක පැත්තකින් නිල් පාට මුහුද තියෙන ලස්සනම ලස්සන පාරක එත් මට ලස්සන පෙන්නේ හැමෝටම පේන මානේන් නිමි. මේ පාර මොකක්ද කියලවත් මං දන්නෑ අඩුම ගානේ ඇයි මං මෙහෙම යන්නෙ? මගේ ගමනාන්තයවත් මං දන්නෙ නෑ. මං දන්නේ මං ලස්සනම ලස්සන පාරක ඔහේ යනවා කියලා විතරයි හැබැයි මගේ තනියට හීතල මඳ පවන් මාත් එක්කම වෙලිලා ඉන්නවා.

Wednesday, April 27, 2016

ඇස්ටොනිෂ් වැටුනේ කොහොමද?

ඇස්ටොනිෂ් අවුරුද්දට පානදුරේ නැන්දා බලන්න යනකට මතක් වුන කතාවක් තමයි ඉතින් මේ, ඇස්ටොනිෂ් එතකට 1 වසරේ ඇස්ටොනිෂුයි එයාගේ ලොකූ මාමයි , ලොකූ මාමගේ වයිෆ් නැන්දයි, ඇස්ටොනිෂ්ගේ නැන්දයි එයාලගේ අළුත උපන් කසින් නංගියයි ගියාලු ඔය කියන පානදුරේ නැන්දා බලන්න. පිංවත්ත ස්ටේෂන් එකෙන් බහිද්දිම නිකන් ලාවට වගේ වහින මල් වැස්සකුත් එද්දීඇස්ටොනිෂ් බබා තෙමිලා හෙම්බී හැදෙන නිසා එයාගේ අළුත උපන් බබාගේ ලොකූ සාළුවක් වගේ පෙරවන එක දුන්නා කුඩ අරන් නිමිනේ ගිහින් තියෙන්නෙ.  දන්න අය දන්නවා ඇතිනේ පානදුර පිංවත්ත ස්ටේෂන් එකට එහා පැත්තේ මුහුද කියලා. ඉතින් ඇස්ටොනිෂ් අර ලොකූ තඩී සාළුකුත් දාගෙන යද්දී රේල් පාරට වැටුනා කියහන්කෝ..
ඕන්ණ ඉතින් දැන් ඇස්ටොනිෂ්ගේ චූටි ඇස්වලට නොපේනීම මාමලා නැන්දලා යනවා. එහා පැත්තෙන් හූ හූ ගාගෙන කොච්චියත් එනවා. එතකටම ලොකී මාමා පිටි පස්ස බලද්දි පොඩි එකා මිස්සින්(ඇස්ටොනිෂ්). ලොකූ මාමා ඉක්මණටම ඇවිත් අතෙන් ඇදලා ගත්තා ඇස්ටොනිෂ්ව උඩට ඒ එක්කම කොච්චි එන්ජින් එකත් ගියා. තව තප්පරයක් මිස් වුනානම් ඇස්ටොනිෂ් කෙනෙක් නැත.

ඒක නිමි හොඳම සීන් එක ඇස්ටොනිෂ් වැටුනේ කොහොමද කියල එක. මුහුදු හුලගට වැටුනද නැත්තම් අර සාළුවේබර වැඩිකමට වැටුනද කියල එක. හි  හි. කට්ටියනම් කියන්නෙ හුලගට ගහගෙන ගියා කියලා. ඔයාලා කියන්නෙ මොකක්ද ඒකමනෙහ්හ්….


 අනික එදා තමයි ඇස්ටොනිෂ්ගේ මුල්ම දුම්රිය ගමන අදටත් ලාවට බයයි කෝච්චියේ යන්න.


By : Astonish

Thursday, April 14, 2016

සුන්දර බස් කතා

ගිම්මී අක්කගේ බස් කතාන්දරය කිවද්දී ඇස්ටොනිෂ්ටත් පරණ කතාවක් මතක් වුනා. ඒකත් බස් කතාවක් තමයි හැබයි ඉස්කෝලේ නිමි අමතර පංති ඇරිලා එද්දී වුන සංසිද්ධියක්. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලෙට හයියෙන් ගියොත් විනාඩි 15 හිමින් ගියොත් පැය භාගයේ දුර නිසා ඇස්ටොනිෂ් පයින් තමයි ඉස්කෝලේ ගියේ. ඇවිද්ද පය දහස් වටීලුනෙහ්. ඒ කාලේ රටේ සංවර්ධනය වෙමින් තිබ්බ කාලේ :p  ගාල්ල මාතර රේල් පාර හදන කාලේ ඉතින් කොච්චි වැඩ නැති නිසා වැඩට යන එන අයට අමතර බස් සේවාවක් දාල තිබ්බා. ඇස්ටොනිෂ්ලට හවස ඒලෙවල් අමතර පංති ඇරෙන්නේ හවස ජාමේට කළුවරට පයයි එළියට පයයි තියලා වගේ. ඒ වෙලාවට බස් වල සෙනග  කට කපලා එකයි.

ඒ කාලේ අපට හැමදාම සෙට් වෙන ලංගමයක් තිබ්බා ඒක ජෙට් එක වගේ එන නිසා ඒ බස් එක හම්බුනාම ඒකේ නැගලා එන පුරුද්දක් අපේ සෙට් එකට තිබ්බා.හිටන් තමයි ඉතින්. ඔය අතරේ අපේ ඇස් මානේ ගැබිණි මව්වරුන්ට වෙන් කරලා තියෙන ෂීට් එකේ කපල් එකක්, ඒ කාලේ කපල් දැක්කම, කපල් දැකපු පළවෙනි පාර වගේ උන්ට විරිත්තන සිරිතක් තිබ්බනේ… ඔය අතරේ අතේ බඩු ගොඩාරියක් එක්ක ගැබිණි අම්මා කෙනෙක් හිටගෙන ඉන්නවා අපී ගාවාම. ඇස්ටොනිෂුත් දැකේ චූට්ටක් වෙලා ගියාට පස්සේ ඒ අම්මව.

Friday, April 1, 2016

Back to normal mode

හම්මේ දැන් තමයි ජීවත් වෙනව කියලා දැනෙන්නේ exam ඉවරනේ. අයේම අද ඉඳන් ඇස්ටොනිෂ් බ්ලොග් ලියන්න පටන් ගන්නවා. ලියන්න ගොඩාක් එවාත් තියෙයි. දැන්නම් නිකං කාන්තාරෙක ඉඳන් ක්ෂේම භූමියකට ආවා වගේ දැනෙන්නෙ. ඊයේ තමයි මාස ගානකට පස්සේ 9 වෙද්දි නිදා ගත්තේ.



Saturday, March 12, 2016

19 VS 23


Happy birthday Astonish! අද ඇස්ටොනිෂ්ගෙ උපන් දිනේ සෙල්ලම් ගාණක් නිමි 23. විභාග කටයුතු නිසා කාලේකින් මේ පැත්තේ එන්නත්, මොනවත්ම ලියන්නත් බැරි උන නිසා.ඇස්ටොනිෂ් 19 වෙනි උපන් දිනේ සමරපු හැටි ලියන්න හිතුනා.මොකද ඇස්ටොනිෂ් 16යි මාසයයි සමරන්නම හිතන් උන්නත් ඒක අමතක උනානෙහ්.දැන් ඉතින් ලබන ආත්මේවත් මතක් කරලා 16යි මාසයයි සමරන්න ඕණ. අපි ඉස්කෝලේ යාළුවෝ එක්ක අන්තිමට සමරන්නේ හුඟක්ම වෙලාවට අපේ 19 උපන් දිනේනේ. උපන් දිනේ දවසට ඉස්කෝලේ යන කාලේනම් ඇස්ටොනිෂ් ඉස්කෝලෙට ගෙනියන්නෙම මැංගුසුයි කේකුයි. ගහේ තියෙන මැංගුස් නේ ඉතින් ඔහේ දීලා දානව. 19 වෙනි උපන් දිනේ දවසේත් ඉස්කෝලේට ගෙනිච්චේ ඔය කියපු දෙකම තමයි ඉතින්.