Showing posts with label mj. Show all posts
Showing posts with label mj. Show all posts

Sunday, January 29, 2017

පොඩි කෙල්ලේ

පොඩි කෙල්ලේ උඹ අත එතී..
සිටින කොල්ලා මම දනී...
මීට පෙර දින ඌ මෙහී...
ගෙනා කෙල්ලොත් මම දනී...
.
කෙල්ලේ උඹ මගෙ පොඩි එකී...
වාගෙමයි හරි හුරතලී...
කටත් ඒ වගෙමයි ගතී..
ඒත් උඹ හරි ගොන් එකී...
.


අම්ම අප්පා නුඹගෙනී...
උන්ට කිසිවක් නොපතමී...
උඹව රැකගන්නට නොකී...
ලෝකයක් සටනට වදී...
.
මල් පාරෙ උඹ උගෙ එතී...
කරන දගකම් මම දකී...
මගෙ හිතත් හරියට රිදී...
මගේ පොඩ්ඩිව සිහි වෙතී...

Thursday, January 12, 2017

Letter to future


අනාගතය,
උඹ මාත් එක්ක කරන්න හදනසෙල්ලම
දැන් දැන් මට තේරෙනවා
මොකද,

වර්තමානය,
 මට හිමින් හිමින් ඉඟි දෙනවා උඹ ගැන 

ඇස් දෙකේ මායම









මතක ඇතුව ලියපන් උඹත්ඒ ඇස් දෙකේ මායමමමත් කවි ලිව්වේඒ ඇස් දෙකටදැන්උඹේ වාරයමට වඩා ගලපහන් පදනැත්තම් උඹටත් මගේම සෙත….

Monday, June 27, 2016

ප්‍රේමවන්තයෙක්ගේ.... මලගම....


මම,නුඹට ආදරේ කලා...මම,නුඹට ආදරේ කරනවා...නුඹ,මට ආදරේ 

කලා...නුඹ,ඔහුට ආදරේ කරනවා...මම තවමත්........ වැඩක් 

නෑ.....දවසක් ඒවි... එදාට වැටහේවි.....ඒත් එදාට.......මම සමනල්ලු

ගාව පණිවිඩයක් තියන්නම්....එයාලා ඔයාට කියාවි......හැම 

දෙයක්ම......මං ගෙවපු මේ අමාරු දවස් ගැන....මං බලාගත්තු අත බලා 

ගෙන හිටපු හැටි....කවදාවත් තරහා නොගත්තු මට ඉක්මනට තරහ ගියපු

හැටි...හැමෝටම සතුටින් ඉන්න කියපු මම හොරෙන් ඉකි ගහපු 

හැටි....

හැම දේටම යාළුවන්ට කතා කරපු මම උන්ගෙන් දුරස් උන හැටි....

ඔයාගේ පිංතූර බල බල තනියෙන් හිනා උනු හැටි....මහ රෑට නින්දෙන් 

විකාර කියවපු හැටි...අතට ගත්තු කෑම කටට දාගන්නේ නැතුව නොකා 

හිටපු හැටි...ගෙදර මිනිස්සුන්ව දුරස් උන හැටි....මේ හැමදේම නිසා මට 

පිස්සු කියලා මාව කොන් කරද්දි මං හිටපු හැටි.....මාව දොස්තර 

මහත්තුරු බලලා මට පිස්සු කියලා කියද්දි මගේ හිත තවත් කඩන් වැටුනු

හැටි....

.පිස්සෙක් විදිහට බෙහෙත් බොන්න පටන් ගනිද්දි හිතට දැනුනු 

හැටි....අන්තිම දවස් වල හැම අතින්ම ලෙඩ වෙලා පිස්සෙක් වෙලා 

හංවඩු ගහද්දි මට මැරෙන්න හිතුනු හැටි....අන්තිමටම මං මැරුනු 

හැටි.....මැරෙද්දිත් මගේ හිතේ ඔයා හිටිය හැටි......සමනල්ලු විතරක්

මගේ ගාවින්ම හිටිය හැටි....


.ප්‍රේමවන්තයෙක්ගේ.... මලගම....

.


.(ප.ලි - මෙහි සදහන් සමනළුන්ද ඔහුගේ හිතේ ඇදි මායාවක් බව 

වෛද්‍ය නිගමනයන් අනුව පැහැදිලි වේ... එනම් එයද ඔහුගේ සිතේ 

මැවුනු දෙයකි.... එනම් ඔහුට සමනලුන්ද මායාවකි...ඔහු ඔහුවම රවටා 

ගත්..)...-MJ-

MJ's poem stolen by Astonish




ඉකිබිඳ වැලපෙන පෙරදිග අහසට 



පාළු මකන තරුවක් වෙන්න...


.ආස හිතෙනවා සුන්දර ඔය හිත 


මගේ හිතේ හිර කරගන්න...


පෙරමන් බැලුවත් රදවා ගන්නට 


බැරිනම් හැමදාමත් ඉන්න...


.මගෙ හිත ඔබ අසලින්ම තබාගෙන


යන දවසක විසිකර යන්න...

. -MJ-