
එකමත්
එක කාලේක පුංචිම පුංචි මල් කුමරියෙක් ජීවත් වුනාලු. මේ පුංචි මල් කුමරි කාලේත් එක්ක
හැමෝගෙම ඇස් උදුර ගන්න සමත් උනා වගේම කටකාර දඟකාර හුරතලියක් ලෙස හැමෝම අතර ප්‍රසිද්ධලු . ඔය අතරේ මේ පුංචි දගකාරිගේ හිත ගන්න ගොඩාක් දෙනා උත්සහා
කරත් මේ පුංචියාට ගානක්වත් තිබ්බේ නෑ. මොකද එයාට එයාගේ ගෙදර අය පාසලේ ගුරුවරු වගේම
යාළුවෝ පවා ආදරය රැකවරණය අසීමිතව හම්බුන නිසා වෙන අයගේ ආදරයක් තියා බැල්ලමකටවත් ඒ හිත
ගන්න බැරි උනා. ගොඩක් අය ආදරේ කරේ ඒ පුංචි මල් කුමාරිගේ හිනාවට, මොකද මල් කුමාරි සැහැල්ලුවෙන්
පාවි පාවි හිටියේ වලාකුලක් වගේ කිසිම බරක් තිබ්බේ නෑ හිතේ ඉතින් තිස්සෙම හීනා වුන ගමන්මයි.
මේ මල් කුමාරිට හරිම හිසරයක් ලු සමහර එයා වටේ කැරකැවෙන අයගෙන් ඒත් මල් කුමාරි ගේ හිතේ
තිබ්බේ තමන් මුළු ජීවිත කාලේටම එකම එක සමනළයෙකුට විතරක්ම තමන්ගේ හිත දෙන්න. මොකද එයා
කැමති උන්නැ කවදාවත් මලක් වෙන්න. මොකද මල් වලට සමනල්ලු, මැස්සෝ, කූබියෝ වගේම බඹරුත්
වහන නිසා.මලක් කියන්නෙ පොදු වස්තුවක් වගේ දෙයක් නිෂ්චිත අයිතිකාරයෙක් නෑ. මෙයා ඇත්තටම
මලක් නොවුන මලක් කියලා තමයි අපට හිතන්න වෙන්නේ එහෙමනම් නේද?
