Showing posts with label freedom. Show all posts
Showing posts with label freedom. Show all posts

Sunday, January 24, 2016

නිදහස


නිදහස කියන්නේ  මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම උරුමකම් කියන්න පුළුවන් දෙයක්. මේ දේ ඕණවට වඩා දුන්නමත් ප්‍රශ්න නැති උනාමත් ප්‍රශ්න. නිදහස කියන්නේ ඇස්ටොනිෂ් පෞද්ගලිකවම මේ ලෝකෙන් ආසම දේ වගේම ඕණවට වඩා ඇස්ටොනිෂ්ට තියෙන එකම දේ කිව්වත් හරි. ළමයෙකුට ගෙදරින් නොදෙන විදියේ කැලෑ නිදහසක් බුක්ති විදින නිසාමද කොහේ පුංචී කාලේ ඉඳන්ම අද වෙනකන් තියෙන නිදහස දිගටම පවත්වන් යනව මිස නිදහසට අඹ මල් රේණුවක් තරම්වත් කඩ කිරිමක් කරන්න අකමැති නිසාවෙන් හුගාක් සැලසුම් සහගතව නිදහස පවත්වන් යනවා.

 ඇස්ටොනිෂ්ගේ හුඟාක් යාළුවන්ට නැතිම දේ තමයි නිදහස කියන්නේ මගේ නම් ආකාල්පය නිදහස විශ්වාසය එක්ක බැදිලා තියෙනව ඒ නිසයි ගෙවල් වලින් සීන් දාලා නිදහස තර කරන්නේ. අපේ අතීතයේ හැසිරීම් රටා අනුව තමයි අපිව අනාගතයෙදි  මනින්නේ වගේම නිදහස වගේ දේවල් නැතුව යන්නේ. ඉතින් යාළුවෝ එක්ක අඩියක්වත් එහාට මෙහාට යන්න නොදෙන එක සාධාරණයි. නිදහසත් විශ්වාසය වගේම උපය ගන්න ඕණ දෙයක්. දෙමාපියෝ තමන්ගේ දරුවන් මත තියෙන විස්වාසයේ මට්ටමට තමයි නිදහස බුක්ති විදිමට දෙන්නේ ඒකේ  සාධාරණත්වය පිළිබඳව ගැටලුවක් නෑ මොකද මේ ලෝකේ අපිව තමයි අපේ දෙමාපියනට වැඩියෙන්ම වටින්නේ.
ළමයින්ට නිදහස නොදීම කූඩු කරලා තියන් හිටියම වෙන්නේ පොඩි හරි නිදහසක් ආවා ගමන්ම පියාබලා යන ඒක.

Wednesday, October 28, 2015

අපේ බෝට්ටු සවාරිය


 ඕන්න ඉතින් Astonish සහ පවුලේ සැම බෝට්ටු සවාරියක් යන්න සූදානම් වෙනවලු. පවුලේ සැම කිවුවට අම්මා තාත්තා අක්කා එහෙම නිමි. Astonish ට අවුරුදු 6 දි හම්බුන පවුල එක්ක ඉස්කෝලේ අම්මා ගෙන් ලැබුන දායාදයක් තමයි ඒ. අපේ පවුලේ ඉතින් ගොඩාක් හිටියා අද වෙන කට එක එක්කෙනා විසිරිලා ගිහින්. සමහර අය විවාහ වෙලා, සමහරු රට ගිහින්, සමහරු අපි එක්ක හිත හොඳ නෑ. හේතූ දන්නේ ඉතින් එයාලම තමයි. සමහර අයට අනේ එන්න නිවාඩු නෑ.
අපි හැමෝම ට්‍රිප් එකක් අන්තිමටම ගියේ පාර්ලිමේන්තුව බලන්න AL ක්ලාස් එකේදී. ඊට පස්සේ අවුරුදු 3 ට පස්සේ තමයි මෙහෙම ගමනක් යන්න හම්බුනේ. මේ ට්‍රිප් එක සංවිධානය කරේ ඉතින් හුඟක් මහන්සියෙන් මොකද අපේ අය එක් තැන් කර ගන්න එක ලේසි පහසු නෑ. මට නිවුස් එක ගෙනාවේ ඉතින් හවස් යාමේ සමිත් කෝල් කරලා ඇහුවේ
“අනූ ගෙදරද ඉන්නේ අපි දැන් එනවා ඔහේ” මාත් ඉතින් හා කිවුවා සමිත් ඉතින් අපරාදේ කියන්න බෑ ඉස්කෝලේ කාලේ ඉන්ද වැඩිපුරම ඇවිත් ඇත්තේ අපේ ගෙදර වෙන්න ඇති. සමිතුයි නිශානුයි ඇවිත් කිවුවා අනු ට්‍රිප් එකක් යන් උණවටුනේ කියලා කට්ටිය සෙට් කර ගන්න කිවුවා. මං කිවුවේ “අපෝ එහේ චාටර් නේ ” පොඩ්ඩක් ඉතින් අවුල් නේ කියල මං කිවුවම හා එහෙනම් බෙන්තර ගංගේ බෝට් ට්‍රිප් එකක් යන්. මං ඉතින් එවර් රෙඩි නේ.ඔහොම ප්ලැන් කරලා සමිතුයි නිශායි ගියා. මං ඉතින් හතර වටේටම මැසෙජ් පාස් කරල යන්න සෙට් කරා.

දින ළං වෙලා කට්ටියට රිමයින්ඩ් කරාම පිනාලා හා කිවුවා අය කුනු කුනු ගාන්න ගත්තා. Astonish ට ඉතින් එපාම වුනා. ආයේ කා එක්කවත් කොහේවත්ම් යන්න එන්නෑ කියලම එෆ්බී ස්ටේටස් එකකුත් දැම්මා. ඔහොම යද්දී චාකා(චානුක ) මැදිහත් වෙලා කට්ටියව ආයේ සෙට් කරං ද කොහේ. විදු කෝල් කරා “අනූ උදේට කන්න මොනාද හදන්නේ කියලා” මං මුකුත්ම අහන්න ගියේ නෑ යනවද නැද්ද කියල මොකද මට විදූ එක්ක තරහ ගිහින් තිබ්බේ. මුලින් හා කියලා පස්සේ බෑ කිවුවට. මං ඉතින් කිවුවා ඔයා සැන්විච් හදන්න එන්න මං පෑන් කේක් හදන් එන්නම් කියලා. විදූ උදේ ඉන්දන්ම මට කෝල් කරත් මං ආන්ස්ර් කරේ නෑ. රෑ තමයි ඉතින් ආන්ස්ර්  කරේ.
ඕන්න ඉතින් 26 රෑ උදා උනා මං පැන් කේක් හදල නිදා ගත්ද්දි විදු ලා නිදි නෑ.මං එයට ගුට් නයිට් කියල මැසේජ් එකක් දාලා පොඩි චැට් එකක් දාලා නිදා ගත්තා. 27 උදේ 5.30 ට වගේ කෝල් කරා ඉතින් මට ඇහුනේ එයාගේ නංගිගේ වොයිස් එක හැබෑයි. උදේ තමයි දැන ගත්තේ ඒ නිශූ මයි කියලා. නිශු ගේ කෝල් එකෙන් පස්සේ ආයේ අනිත් පැත්ත හැරිලා Astonish නිදා ගන්න හැදුව විතරයි නිශාන් කෝල් කරල Astonish ව ආයේ නැගිට්ටුවා ඉතින්. Astonish ඉතින් කන්ද විහාරෙත් කට්ටිය යන නිසා මුළින්ම මල් ටිකක් කඩා ගත්තා. 11 දෙනෙක් යන නිසා 11 ටම රෝස මල් 11කුත් කඩා ගත්තා(ගහටම තිබ්බේ එච්චරයි). ගෙනියන බෑග් එකට පෑන් කේක් පෙට්ටියයි අනිත් මගේ කලමනාකාරන ටිකයි දාන් Astonish වොෂ් එකක් දාන් යන්න ලෑස්ති වුනා. Astonish ලෑස්ති වෙලා ගෙදරින් යද්දී 7යි. නිශාන් කෝල් කරලා එන්න කිවුවේම 7 වෙද්දි  මං නොදන්නවනේ අපේ අයගේ ටයිමින් ගැන.
මට අපේ ටවුන් එකේ තියෙන ලස්සනම බෝ ගහා පේන් මානේදි සමිත් කෝල කරා.
”අනූ කොහෙද ඉන්නේ මැඩම්”
“බෝ ගහා පේන මානේ ”
“මං තවම ගෙදර ලෑස්ති වෙලා ඉන්නෙ විනාඩි 2න් එනවා ”
“ ඉක්මණට එනවා හොදේ බායි”
Astonish තමයි ඉතින් මුලින්ම ඇවිත්කට්ට කන්න හදන්නේ ඉතින්. මං එන ගමන් ගත්ත ඩේටා කාර්ඩ් එක දාද්දිම වගේ නිශූගේ නංගී ආවා. ඒ එකම නිශූයි විදුයි ආවා. අපි හෝල්ට් එකට ඇවිත් විනාඩි 3-4 සමිතුයි නිශානුයි ආවා. ඕන්න මදූෂායි චකයි තවම නෑ. මදූෂත් ආවා දැන් තවම චකා නෑ. චකා හොටලේටම එන්නම් කියල පිට යන්න කිවුවා සමිත් කෝල් කරම.
අපි බස් එකේ නැගලා කන්ද විහාරෙට ආවා. බස් එකේ අමුත්තෙකුත් හිටියා. ඒ අපි ඕලෙවල් ක්ලස් වලදි හිටියා යාළුවෙක් පොඩ්ඩා කියල අන්න එයාගේ යාලු වෙලා හිටිය ගෑණු ළමයා. එ ගෑණු ළමයා එක්ක හිටිය කොල්ලට එක පාරක් විදු බැන්නා ඒ මට වද දුන්න නිසා යාළු වෙන්න අහලා. මං ඒක විදුට පෙන්නද්දි යාලුවෙක් ඉන්නවා කියලා කවුදෝ හයියෙන්ම කිවුවා
“ඒපොඩ්ඩගේ කෑල්ලනේ බං ”
කියලා. කට්ටියම මහ හයියෙන් කියිවන්න ගත්තා ඒ අර අර පොඩ්ඩගේ කෑල්ල කොල්ලෙක් එක්ක යනවා බං බලපන්කෝ කියලා. අපේ  අයගේ කටවල් හරිම සංවරයි ඉතින් ඉස්කෝලේ පුරුදු තවම ගිහින් නෑ.ඊට පස්සේ සමිත් කිවුවා,
“ ඒ එපා බං කෑ ගහන්න ඒ කොල්ලා කෙල්ලව මෙතනම දාලා යයි කියලා”
ඕන්න ඊට පස්සෙ තමයි අපේ අය කටවල් වහ ගත්තේ. කට්ටියම මල්, පහන්, හඳුන්කූරූ පත්තු කරලා බුදුන් වැදලා. සෙල්ෆි ගහන්න ගත්තා කියමූ ඉතින් වයසේ වැරැද්ද නෙහ්.  ඕන්න ඉතින් අපි යන්න හදද්දි මටයි නිශූටයි අයිස් ක්‍රිම් කන්න ඕණ උණා නිශාන් ගානේ ඉතින් හැමෝටම අයිස් ක්‍රිම්, අයිස්කකා අපි ඉතින් ආයේ යන්න පිටත් වුනා. මගදි අලි හුරතල් අලි පැටියෙකුත් සෙට් කරන් අපි නිල්වළා හෝටලේට ඇවිත් හදන් ආපු කෑම කන්න ගත්තා, මං ඉතින් මං හදපුවා කෑවේ නැ. නිශූයි විදුයි කියන්න ගත්තා අපි එක පාරක් සෙට් වෙලා හදපු පාන් පුඩිම වගේ නිසාද දන්නැ කන්නෙ නැත්තේ කියලා. ඔය අතරේ චකත් ආවා. අපි කාල බීලා බෝට් එකට නැග්ගා, සමිතුයි ගිටර් එක ප්ලේ කරන්න ආපු මල්ලියි සින්දු කියන්න ගත්තා. ඔහෝම ඔහෝම අපී ගොඩාක් දුර ගියා. කඩොලාන ගස් උඩ නැග්ගා, මායි නිශුයි මදුෂායි ගිටාර් මල්ලි නැග්ග ගමං අපිව දාල බෝට් එක ගියා අනිත් අය හූ කිය කිය. මොනා කරන්නද ඉතින් අපි පිව් ගගහා හිටියා කොයි වෙලේ හරි එයිනේ කියල අපිව ගන්න. විනාඩි 5-7 කින් වගේ ආයේ ඇවිත් අපිව බස්ස ගත්තා වානර ගති කිය කියා.
අපි කිඹුල්ලු පැටව් 3 ක් වගේ දැක්කා එකෙක් නම් තරමක ලොකු එකෙක් මුළින්ම දැක්ක එකා නම්. කොහොම හරි නිෂු අන කිඹුලෙක් කියල කියද්දිම කිඹුලා වතුරට පනිනවා අනිත් අයට බලන්න නෑ. ඕකට ඉතින් නිශුව බයිට් එකට ගත්තා. මග දිගටම කිරළ gගස් වල ගෙඩි පිරිලා තිබ්බා. අපි එවා කඩන් කෑවා නිශාන් කැඩුවා හොඳට ඉදිලා තිබ්බා ගෙඩි මරු.
අපි ඔක්කොලමගෙම ෆෝන්ස් වල ෆොටෝස් 1000 ක් පන්නලා ඇති එ තරමට ඉතින් ෆොටොස් ගැහුවා. ගල් උඩයි, ගස් උඩයි. පැය ගානක් බෝට් එකේ ගිහින් අපි 12.30 පහු ආයේ හොටෙල් එකට එද්දි. එහෙන්ම ලන්ච් එක ඇරෙන්ජ් කරලා තිබ්බා.ඊට පස්සේ 2.00 වෙනකන් වගේ සින්දු කිවුවා නැටුවා. Astonish ගෙදර එද්දි 4 විතර ඇති. සුපිරි ට්‍රිප් එක ආයේ හොදන්න දෙයක් නෑ, කියලා නිම කරන්නත් බෑ. මේ හැම දෙයක්ම සැලසුම් කරපු සමිත්ටයි, නිශාන්, චානුක ගොඩාක්ක්ක්ක්ක් ස්තූතියි යාළුවා ආආආඅ. සුපිරි ෆන් බ්රෝ…






Wednesday, October 14, 2015

තැපෑලෙන් ආ බත් එක.


හායි ඔයාලට කොහොමද? Astonish නම් එච්චර හොඳක් නෑ. එවැයින් වැඩක් නෑ මං අද හිතුව මගේ යාළුවෙක් දැකපු හීනයක් ලියන්න,මොකද කලිනුත් මං දැක්ක හීනයක් ගැන ලිවුවනෙහ්.මායි යළුවායි කියල වැඩි වෙනසක් නෑ එක අත්තේ වහන්නේ එකම ජාතියෙ කුරුල්ලෝ ලුනෙහ්. මං කලිනුත් කියලා ඇතිනෙහ් අපි අපේ දවසේ කාල සටහනෙන් කාලයක් වෙන් කරල තියේ කියලා අපි කලින් දවසෙ දැකපු හීන ගැන අහන්න.(මේපෝස්ට් එකම මුලින් කියවන කෙනෙක් ඉන්නවන්ම් පරණ පෝස්ට් කියවලම ඉන්න එක හොඳයි නැත්තන් බ්ලොග් එකේ ලියිවෙන ඒව විකාර වගේ හිතෙයි එකයි කිවුවේ.) එදත් ඉතින් දවල්ට කෑම කාලා හරි බැරි ගැහිලා සෙට් එකම ඉදගෙන ඉන්නවා කතාව අහන්න. ඕන්න එහෙන්ම් ඔයාලත් කියවන්නකෝ,

අපි සෙට් එකම එදා නිශුලගේ ගෙදර ගිහින් හිටියේ. කියන්නේ ඇස්ටොනිෂ්,සු,විදු,ධනු, ගියේ මොකටද කියලන්ම් එච්චර මිටර් නෑ.අපි ඉතින් පොතක් පතක් බලන්නවත් කියලා එහෙමට සෙට් වෙන ජාතියක් නිමි, කොහොමටත් 5 එක් තැන් කර ගන්නවා කියන්නෙ mission impossible තමයි. මොකද ඇස්ටොනිෂ්ට කෑළේ නිදහස තිබ්බට අනිත් අයට පර්මිෂන් ගන්න ඕණ, අම්මා තාත්තගෙන් විතරක්ම නිමිනෙහ් ඉතින්(යු නො වට් අයි මීන්). නිෂු ලගේ ගෙදර තියේ ඇහැළ ගයක් එච්චර ලොකුත් නෑ පොඩිත් නෑ වගේ හැබෑයි ගහේ මල් පිපිනෙවා. අපි 5 ඉතින් කයිය ගගහා ඉන්න අතරේ පියුම් මාමා කෙනෙක් ආවා සාමාන්‍යයෙන් තැපෑලෙන් එන්නෙ ලියුම් නේ හැබෑයි එදා ආවේ වෙන දෙයක් හිතා ගන්න පුළුවන්ද මොක්කද ආවේ කියලා. බෑ නේ මංම කියන්න්ම්කෝබත්එකක්
අපට තැපෑලෙන් ආවේ බත් එකක්.   ඒ බත් එකේ තිබ්බේ සුදු බතුයි,සොයාම්ටුයි, පරිප්පුයි, ඉස්සෝ 5යි හරියටම. මොකද එක ඉස්සෙක් හරි වැඩියෙන් හිටියොත් එ ඉස්සා සුනාමිට අහු උනා හා සමානයි ඉතින් ඉස්සත් පව් අපි ඊට වඩා පව්. අනික ලොකූ ඉස්සට පොර කන්නේ තුන් වැනි ලෝක යුද්ධයට පුරුදු වෙනවා වගේනේ. බත් එක බෙදුවේ කවුරු උනත් 5 ම ගැන දන්න නිසාම තමයි එහෙම කරන්නේ. ඇත්තම කිවුවොත් ඇස්ටොනිෂ් කරන්නෙම අනිත් අය අනපු බත් ශේප්  එකෙ අරන් කන එක මොකද ඇස්ටොනිෂ් අනන බත් ඇස්ටොනිෂ්ටම රස නැති නිසා.මොනා වුනත් 5 එක්ක කද්දි නම් රස බල බල කන්න ගියොත් කන්න වෙන්නෑ ලොවෙත්. ඉතින් අපි 5 තැපෑලෙන් ආපු බත් එක ලියහගෙන ඇහැළ ගහ යටට වෙලා රස කර කර කෑවළු. බත් එක කොහෙන්ද ආවේ කවුද එවුවේ කියලා හොයල බලන කැත පුරුදු නෑ පුතේ.  

ඕන්න ඕක තමයි නිෂු දැකපූ හීනේ. දැන් තෙරෙන්න ඇතිනේ අපේ හිත වල වැඩියෙන්ම තියෙන්නෙ මොනාද කියලා. වෙන අය රොමෑන්ටික් හීන බලද්දි අපේ අයට පෙන්නෙ ඔය මං කිව්ව වගේ කාටවත් කියන්න බැරි කවුරුවත් අහන් ඉන්න අකමැති විකාර ජාතියේ හීන. මං දැක්ක සමහර හීන සු දැක්ක සමහර හීන හැබෑ වෙලා තියේයි. මේ හීනේ නම් හීනයක්ම වුනා. අපි වැඩි පුරම කරේ කාපු එකනේ ඉස්කෝලේ කාලේදි ඉතින් හිනෙන් පවා අපි 5 එකට කන එක අරුමයක් නිමි. ඉස්කෝලේ කාලේදී ආසම කෑම AL ක්ලාස් අල ජාතික ආහාරය වෙලා තිබ්බේ එලවළු බතුයි මදර්ස් එකෙන් හදන බයිට් එකයි එකට දාන් කන එක. හම්මේ මතක් කරද්දීත් මොක්කද වගේ. ඒ තරමට ඒක මාර් ටේස්ටි.

අදට ඒහෙනන් හීනේ ඉවරයි ආයේ හීනයක් අරන් එන්නම්, හීන ගිගා බයිට් ගානක ස්ටොක් එකක් තියේ දැකපු.
Bye for Now until then take care! Sweet dreams.