Showing posts with label thought. Show all posts
Showing posts with label thought. Show all posts

Sunday, January 29, 2017

පොඩි කෙල්ලේ

පොඩි කෙල්ලේ උඹ අත එතී..
සිටින කොල්ලා මම දනී...
මීට පෙර දින ඌ මෙහී...
ගෙනා කෙල්ලොත් මම දනී...
.
කෙල්ලේ උඹ මගෙ පොඩි එකී...
වාගෙමයි හරි හුරතලී...
කටත් ඒ වගෙමයි ගතී..
ඒත් උඹ හරි ගොන් එකී...
.


අම්ම අප්පා නුඹගෙනී...
උන්ට කිසිවක් නොපතමී...
උඹව රැකගන්නට නොකී...
ලෝකයක් සටනට වදී...
.
මල් පාරෙ උඹ උගෙ එතී...
කරන දගකම් මම දකී...
මගෙ හිතත් හරියට රිදී...
මගේ පොඩ්ඩිව සිහි වෙතී...

Friday, February 26, 2016

දොස්තරලගේ මාර්කටින්


අද සමාජේ වෙන සමහර දේවල්  මහාපරිමාණයෙන්ම අසාධාරණයි. කරන  තරමක් කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කරවන වැඩ. එකම වැඩේ කර ගන්න එක පාරට වඩා යන්න වෙන එක අනිවා ෂුවර්. එයාලා හිතන් ඉන්නේ එයාලා විතරයි උගත් බුද්ධිමත් එයාලටම විතරයි මේ ලෝකේ වැඩ රාජකාරි තියෙන්නෙ කියලා. රාජ් බැංකු ගැනනම් කතාකරලම වැඩක් නෑ ඉස්පිරිතාල ඊට එහා. ගොඩක් අය දැන් පුරුදු වෙලා තියෙන්නෙ දොස්තරලාව පෞද්ගලික රෝහල් හරහා සම්බන්ධ කර ගන්න. ඒක ලේසියි පහසුයි වගේම ඉස්පිරිතාලෙට වඩා රෝගීන් ගැන මවාගත් සෙනෙහසින් දොස්තරලා රෝගින් ඉස්සරහ හැසිරෙන නිසා මිනිස්සු හිතන් ඉන්නවා ක්‍රමේ වඩාත් ඵලදායි කියලා ඒත් හොඳට හිතුවොත් එතන තියෙන්නෙ අමු මාකර්ටින්.
අපි මුලින්ම ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියොත් රට කැටයම් දාලා එයා ඉන්න පෞද්ගලික රෝහලක චැනල් එකක් දාලා රිපෝට් පෙන්නන්න  කියනව.අපි මුලින්ම පෞද්ගලික රෝහලකට ගියොත් එක වැඩේ දෙක කරනවා. චෙක් අප් කරගන්න කියල ලියලා දෙනව කොහෙද කින්ද මංද කියලා ලියලා දෙන්නෑ ඉතින් චෙකප් කරලා ආයේ සතියක් පහුවෙලා දොස්තරව හම්බෙන්න තව චැනල් එකක් දාන්න ඕණ. එතකට ඉතින් අර ලෙඩවෙලා ඉන්න මනුස්සයට හොඳ ගණන්. ඉස්සර කාලේ අපි දොස්තරලා ගැන කොච්චරනම් හොඳ කතා අහලා තියෙනවද ඒකට අද හැමදේම මාර්කටින් වෙලා.මනුස්සකම දශමක්වත් ගෑවිලා නෑ
තමන් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේ මාර්කට් කරාට කමක් නෑ, ඒත් ඉතින් සාධාරණ විදියට තමන්ගේ දැනුමට මාර්කට් කරනවනම් තමයි හොඳ ඒ වගේම තමන්ට ලැබිලා තියෙන ගරුත්වය රැකෙන්නෙ එතකට.

~ඇස්ටොනිෂ්~