Showing posts with label train. Show all posts
Showing posts with label train. Show all posts

Wednesday, April 27, 2016

ඇස්ටොනිෂ් වැටුනේ කොහොමද?

ඇස්ටොනිෂ් අවුරුද්දට පානදුරේ නැන්දා බලන්න යනකට මතක් වුන කතාවක් තමයි ඉතින් මේ, ඇස්ටොනිෂ් එතකට 1 වසරේ ඇස්ටොනිෂුයි එයාගේ ලොකූ මාමයි , ලොකූ මාමගේ වයිෆ් නැන්දයි, ඇස්ටොනිෂ්ගේ නැන්දයි එයාලගේ අළුත උපන් කසින් නංගියයි ගියාලු ඔය කියන පානදුරේ නැන්දා බලන්න. පිංවත්ත ස්ටේෂන් එකෙන් බහිද්දිම නිකන් ලාවට වගේ වහින මල් වැස්සකුත් එද්දීඇස්ටොනිෂ් බබා තෙමිලා හෙම්බී හැදෙන නිසා එයාගේ අළුත උපන් බබාගේ ලොකූ සාළුවක් වගේ පෙරවන එක දුන්නා කුඩ අරන් නිමිනේ ගිහින් තියෙන්නෙ.  දන්න අය දන්නවා ඇතිනේ පානදුර පිංවත්ත ස්ටේෂන් එකට එහා පැත්තේ මුහුද කියලා. ඉතින් ඇස්ටොනිෂ් අර ලොකූ තඩී සාළුකුත් දාගෙන යද්දී රේල් පාරට වැටුනා කියහන්කෝ..
ඕන්ණ ඉතින් දැන් ඇස්ටොනිෂ්ගේ චූටි ඇස්වලට නොපේනීම මාමලා නැන්දලා යනවා. එහා පැත්තෙන් හූ හූ ගාගෙන කොච්චියත් එනවා. එතකටම ලොකී මාමා පිටි පස්ස බලද්දි පොඩි එකා මිස්සින්(ඇස්ටොනිෂ්). ලොකූ මාමා ඉක්මණටම ඇවිත් අතෙන් ඇදලා ගත්තා ඇස්ටොනිෂ්ව උඩට ඒ එක්කම කොච්චි එන්ජින් එකත් ගියා. තව තප්පරයක් මිස් වුනානම් ඇස්ටොනිෂ් කෙනෙක් නැත.

ඒක නිමි හොඳම සීන් එක ඇස්ටොනිෂ් වැටුනේ කොහොමද කියල එක. මුහුදු හුලගට වැටුනද නැත්තම් අර සාළුවේබර වැඩිකමට වැටුනද කියල එක. හි  හි. කට්ටියනම් කියන්නෙ හුලගට ගහගෙන ගියා කියලා. ඔයාලා කියන්නෙ මොකක්ද ඒකමනෙහ්හ්….


 අනික එදා තමයි ඇස්ටොනිෂ්ගේ මුල්ම දුම්රිය ගමන අදටත් ලාවට බයයි කෝච්චියේ යන්න.


By : Astonish