Showing posts with label still. Show all posts
Showing posts with label still. Show all posts

Saturday, December 5, 2015

They still together_09


උදෙන් නැගිටිනව කියන එක කරන්න බැරි දෙයක් නිමි කරන්න බැරිම දෙයක්. වයසේ වැරද්දද? ඇත්තටම මොකක්ද මේ වයසේ වැරැද්ද කියන ඒකේ තේරුම. අපි දැන් කරන වැරදි අපිට කලින් මේ වයස ආපු අයත් කරා කියල කන්ෆෝම් කරනවා වෙන්න ඇතිනෙහ්.ඕණ එකක්, ඊයේ හරියට නින්දක් නැති නිසා මාව නිකන් මත් වෙලා වගේ. වතුර බිබි ශේප් උනා.කවදාවත් නැතුව වමනෙටත් එනවා වගෙ, හොඳ වෙලාවට මං ලඟ ටික් ටැක් තිබ්බේ නැත්තම් ඉතින් වෙන දේ කියන්න ඕණ නෑනෙ. මං ගේට් එකෙන් ඇතුල් වෙනකටම උඩ බැල්කණි එකේ ඉන්දන් අකංෂා අත වැනුවා. වෙලාව 7.52 මේ බූතිද මේකේ ගෙට් එක අරින්නේ.යමුකෝ ගිහින්ම අහනවා.කියලා හිතාගෙන මං අකංෂා ඉන්න තැනට ගියා.

ගේට් එක අරිනවට කීයක් දෙනවද උඹට?
ඇයි මගෙ ජොබ් එකට විදින්න හිතුනද?
හීනෙකින්වත් නෑ.

Wednesday, November 25, 2015

They still together_08



වැහි මන්දාරම විතරක් නිමි දැන් වහින්නත් පටන් අරන් මං වැස්සේ තෙමෙන කුරුල්ලෝ දිහා බලන් කල්පනා කරේ කොච්චර නම් සරල ජීවිතයක්ද උන්ට තියෙන්නෙ. ජීවත් වෙන්න උපාධි ඕන නෑ ජිවත් වීමේ කලාව විතරක් ඉගෙන ගත්තම හොඳටම ඇති. ඒත් අපට එහෙමද වැඩ අහස උසට. මේකද ජීවිතේ, මේකටද අපි මේ ලෝකෙට එන්නේ ඇත්තටම මීට වඩා එහා දෙයක් ඇත්තෙම නැද්ද? හවස අපිට මැත්ස් ක්ලාස් එකක් තිබ්බා ආයේම මැත්ස් ඉගෙන ගන්න ඕනද? අයිටි වලත්  මැත්ස්  ඒපා වෙනවා නිමි එපා කරවනවා. මට හිතෙන්නෙම මේ මැත්ස් වල එක එක සීන් කෝන් හොයා ගත්තේ මිනිස්සුමනේ, කොතනම හරි වැරදි වෙන්න බැරිද? එහෙම වැරදීම් තියේ නම් ඉස්සරහට මොනා වෙයිද? අපි භාවිතා කරන මිනුම් නිමි නේ මේ මුලු විශ්වයම භාවිතා කරන්නේ නිසා අපි වැරදි නම්? මොලේ කොලොප්පම් වෙනවා නෙහ්? ඔය ඉතින් මට හිතෙන ඒවා තමයි. එක්කෝ අපට ඉස්කෝලෙදිම අපට අනාගතේට වෙන්න ඕන කවුරුද කියලා අහලා පාත් එකට ඕන විදියට ඉගෙන ගන්න තිබ්බනම් මේවා මීට වඩා ලේසි වෙන්න තිබ්බා. ආයේ ආයේ එකම දේ ඉගෙන ගන්න ගියාම කාලේ නාස්ති වෙනවා කියලා හිතෙන් නැද්ද? අද ගෙදර ගිය ගමන්ම වොශ් එකක් දාන් assignment එකේ වැඩ පටන් ගන්න ඕන.එතකට මට ලේසි ඩෙඩ් ලයින් මේට් වෙනකන් හිටියොත් මට ෂට් ඩවුන් වෙන්න තමයි වෙන්නේ. ටොපික් එකයි structure එකයි මේල් කරාද දන්නෑ.
ගෙදරට එනකන්ම මං හිටියේ මේ ලෝකේ නිමි වෙන ලෝකේක. ආපු ගමන් චෙන්ජ් එකක් දාන් පිසි එක ලඟ වාඩි වුනා. මේල් චෙක් කරන්න කියල ඒත් තවම මේල් එක දාලා නෑ.අමතක වුනාද දන්නෑ.

ඒකොයි වෙලේද ආවේ.එනවා දන්නෑ යනවා දන්නෑ.
ඊලඟ දවසේ සිග්නල් ලයිට් දාලා යන්නම්කෝ
තමුසේගේ ලයින් වැඩි හොදේ ලාවට කන පලා ගන්න ආසද?
ඇයි හදල අමාරුයිද අනේ මේ අපු වැඩක් බලා ගන්නවා.

Sunday, November 15, 2015

They still together_07


ක්ලාස් එකෙන් එළියට එද්දිම මං එලොවත් මෙලොවත් අතර, අතරමං වෙලා හිටියේ,හිතට බයයි ඇයිද මංදා.අහසත් කළු කරලා වහින්න වගේ. වෙනදට මං මේ වැහි අන්දකාරයට කොච්චර ආසද ඒත් අද කිසිම මූඩ් එකක් නෑ.මොකක්දෝ අමූතූ හැඟීමකින් වෙලීලා ගිහින්දෝ මංදා. එක්කම හිතට එන්නෙ මොනා කියවිද දන්නෑ සර් කණට අහන් ඉන්න බැරි තරම් බනිද දන්නෑ. කමක් නෑ මේ කනෙන් අහල අනිත් කනින් පිට කරනව හ්ම්ම්ම්ම්.

මොනාද කල්පනා කරන්නේ?
කල්පනා කරන්නද දෙවල් නැත්තේ. සර් බනීද? ඔයත් එනවනේ එක්ක යන්න සර් හම්බෙන්න.
ඔව් ඔව්ව් එනවා. බය වෙන්න එපා සර් උඹව අල්ලන් කන්නෑ.
බඩගිනි වෙලා වැරදිලාවත් කෑවොත්.
සර්ට හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙනව ඒක සුවර්.
කිවුවා කියල හිතාගනින්කෝ එහෙනම්.දැන් යං එහෙනම්.

මං එහෙම කියල අකංෂාවත් ඉස්සර කරන් ගියා. අපි දොර ගාවට ගිහින් දොර වහන්න උන්නෑ සර් කඩන් පැන්නා.

දැන් ඔය දෙන්නම අළුතෙන්ද ආවේ. සිංහල තෙරෙන්නෙ නැද්ද ඇත්තටම ඔය ළමයට .
මං අකංෂාගේ මූණ දිහා දුකෙන් බැලුවේ මාව තනියෙන් දාලා යන්න එපා කියන්නාක් මෙන්.කොහෙද එක්කම සර් කිවුවනේ අකංෂාට යන්න කියල එළියට.

මං ඔය ළමයව කන්නෑ මං කාලා ඉන්නෙ, අනික ඔයාව කැවත් මට දිරවන පාටක් නම් නෑ.