Wednesday, November 25, 2015

හොරු ඇල්ලිම [hunting thief]_[yesterday_night]


ඇස්ටොනිෂ්  මේ ටිකේම බ්ලොග් ලිවුවේ නැත්තේ කම්මැලිකමට එකම දිගට දෙයක් කරන් යද්දි එපා වීමේ ගතියක් තියෙනවා. අනික එහෙන් මෙහෙන් පාඩම් කරනවා, ප්‍රොජෙක්ට් එකේ වැඩත් හීනියට යනවා. ඉතින් පොඩ්ඩක් විතර බිසි වගේ. ඕන්න ඉතින් ඊයේ දවසේ ඇස්ටොනිෂ් හොරෙක් අල්ලන්න දිවුවා අද ඒ කතාව බ්ලොග් එකේ ලියන්න හිතුනා. ඕන්න ඉතින් ලියනවා හොදේ,

ඇස්ටොනිෂ් හවස බුදු පහන තියලා කසින් සිස්ලගේ ගෙදර ගියා ඒ කියන්නෙ නැන්දලහා එහෙට තමයි හොරා ආවේ. ඒ වෙලේ නැන්දා ගෙදර හිටියේ නෑ දානේ ගෙදර ගිහින්. හවස් වෙලා තමයි මල්ලිත් ගෙදර ආවේ. අපි ඉතින් පිටිපස්ස පැත්තට ගියා එතකටම මල්ලිත් ඒ පැත්තෙන් ගෙදර ආවා. ඒ එක්කම අපි ගේ ඇතුලට යද්දී සිගරට් ගඳක් ආවා.නැන්දලහා එවා පාවිච්චි කරන කවුරුත් නෑ.අපි ගේ ඇතුලට ගිහින් කෑමක් හදන්න කියලා ගත්තා පොල් තෙල් මදි නිසා ඉස්සරහ බාප්පලාගෙ ගෙදර ගියා තෙල් ගන්න කියලා තුන් දෙනාම, අපි ඒත් වටේම විපරම් කරලා බැලුවා කවුරුත්ඉන්නවද කියලා ඒත් නෑ. අපි ඉස්සරහා දොර ඇරදාල තමයි කෙලින්ම කුස්සියට ගියෙත් ඒහෙත් කවුරුත් නෑනෙහ් අපි කුස්සියේ ඉන්නකට එක පාරටම ගලක් ගැහුවා එතකට තමයි අපට කන්ෆෝම් වුනේ කවුරුම හරි වත්තේ ඉන්නවා කියලා. අපි දොර වහලා ඉස්සරහට ඇවිත් බැලුවා නෑ. මල්ලි පිටිපස්සේ බලද්දී අඹ ගහා ගාවා කවුද ඉන්දලා එයා එලවන් ගියා ඇස්ටොනිෂුත් එලවන් ගියා ඉතින් කවුද කියලා බලන්න මෑන් දිවුවා ඊට පස්සේ ඇස්ටොන්ෂ් ගේ තාත්තයි තව ගෙවල් ලඟ මාමල දෙන්නෙකුයිත් ඇවිත් අපි මුළු වත්තේම බැලුවා කවුරුත් හිටියේ නෑ.



ඊට පස්සේ හැමෝම ගියා අපට උපදෙස් දීලා ඉතින් එහෙම එක පාරට එලවන් යන්න එපායි කියල. අපි ඉතින් මහන්සියට කුස්සියට ගිහින් තේ බිවුවා. ආයෙම ටික වෙලවකට පස්සේ අඩි සද්දයක් ඇහුනා අපි මුලින් හිතුවේ ඇස්ටොනිෂ්ලගේ බල්ලා ලකී කියලා ඒත් ලකී ආවම කෙලින්ම ඉස්සරහ දොරට තට්ටු කරනව, අපි ලකී කියල කතා කරත් එක්කම සද්දේ නැති උනා. අනික අඩි 4ක් නිමි 2යි ආවේ. අපි ආයෙමත් රෙඩි පිට දොර ඇරන් එලියට යන්න හැදුවා අපේ කරුමෙටමද මංදා දොර ඇරුනෙම නෑ. 4මින් විතර පස්සෙ දොර ඇරන් ආයේම වටයක් ගිහින් බැලුවා ඒත් කවුරුත් නෑ. අපි උඩ බැලුවේ නෑ. අපි ගෙට ඇවිත් ඉස්සරහ දොර ලඟට වෙලා හිටියා ටික වෙලවකින් වහලෙන් හෙන සද්දෙන් අඩි ගියා ඉස්සරහ අඹ ගහේ අතු වහලට තිබ්බා එවා සද්දෙන් හෙල වුනා.ඇස්ටොනිෂ්වුයි මල්ලි අයෙම එහා පැත්තෙන් යද්දි වහලෙන් පැනල හොරා දිවුවා මල්ලි ගහපු පාරත් වැදිලා ඌ බම වැටුනත් ආයෙම නැගිටලා දිව්වා. ඒ පාරනම් මුළු ගමම සෙට් වෙලා වටේම හෙවුවා ඒත් හොයා ගන්න බැරි වුනා. කුරුඳු ගස් අස්සේ කොහොම හොයන්නද ඒකනේ වැඩේ කියනේ.ඇස්ටොනිෂ් ඉස්කෝලෙවත් දුවලා නෑ හොරා අල්ලන්නනම් දිව්ව විදියවත් මතක නෑ. අපි කරපු ලොකූම වරද තමයි අඹ ගහ උඩ බලපු නැති එක හොරා අඹ ගහෙන් තමයි වහලට නැගලා තියෙන්නෙ. අනික හෑමෝම එක පැත්තට ගිහින් හෙවුවා මිසක විසිරිලා ගිහින් හෙව්වේ නෑ. අපි හොරාට හැගියන් ඕන තැනක කියලාපාත් එක හදලා දීලා පස්සෙ තමයි රීලයිස් කරලා බැලුවේ ඒ වෙලවට ඉතින් මොලේ වැඩ කරන්නෑ.ආයේම ආවොත්නම් හොරාට ඇපත් නෑ මොකද දැන් අපි අපට වැරදුන තැන් දන්නවනෙහ්.  ඊට ඇස්ටොනිෂ්ලගෙ සප් එකට ආපු ආය රෑ ඇරලවන්න ගිහින් කකුල පෙරලිලා දැන් කොර ගගහා යන්නේ. හොද ගනන් ඉතින්. ඊයේ රෑ හරියට නින්දක්වත් නෑ හොරා පැනලා ගියාට ඌව අල්ලන්න ප්ලැන් හදලම ඉවරයක් නෑ.අපරාදේ හොරා හවු උනානම් සම්බෝල වෙලා තමයි යන්නේ අපෙන් ඉතින්.ඇස්ටොනිෂ් ඉතින් ෆිල්ම්, ටිවි සිරියස් බලනවා වැඩිනේ හී හී හී.


No comments:

Post a Comment