Astonish ව ඉස්කොලේ ශේෂ්ඨාධ්කරණයට
කැඳවිම
කියුවම
ඔයාලට
විකාරයි වගෙ
නේද
අහන්නත් දෙයක්ද
නෙහ්
ඉස්කෝල
වල
කොහෙද
ශේෂ්ඨාධ්කරණ. හැබැයි astonish ගේ ඉස්කෝලේ එහෙම
එකක් තිබ්බ එ වෙන කොහෙවත් නිමි පුස්තකාලය J . astonish ගේ සෙට් එක පුස්තකාලයට කියන්නෙ
එ නම. ඉන්නකෝ astonish ගේ සෙට් එක
මං ඔයාලට හදුන්වා දෙන්න. සු, විදු,
ධනු , නිෂු ඕක තමයි වැඩිමල් පිලිවෙල
(උපත ලැබු මාස පිලිවෙලට). astonish තමයි
සෙට් එකේ වැඩිමල්ම එ වුනාට පොඩිම එකාත් astonish තමයි.
J
මේ සිද්දිය
වෙන්නේ ඉතින් අපි සෙට් එක 13 දි. AL ක්ලාස්
වල වෙන උන් බැලුවොත් ශේෂ්ඨාධ්කරණය අතුලේ එත් අපි වෙනස් එ නිසා අපි ශේෂ්ඨාධ්කරණයට යන්නෙම
නෑ . වැරදිලවත් ගියානම් එ ධනු බලෙන් ඇදන් ගියොත් තමයි එ යන්නෙත්
දවසේ ලග්න පලාපල බලන්න නැත්තං ඉන්න කම්මැලිම නම් ශේෂ්ඨාධ්කරණයට ගිහින් ෆෑන් එක දාන්
නිදා ගන්නවා. එ යන්නෙත් AL ක්ලස්
වල අපි ඇර වෙන අය නැත්තන් තමයි.
අපි සෙට්
එකට ඉස්කෝලේ රෙජිස්ටර් කරපු නමක් තිබ්බා එ තමයි KBS (තේරුම
හිතාගන්නකෝ ) ඉතින් KBS ලා ශේෂ්ඨාධ්කරණයට
නොයන්න හේතුත් ගොඩාක් තිබ්බා
1. ශේෂ්ඨාධ්කරණයට ගිහින් කරන්න දෙයක් අපට
තිබ්බේ නෑ.
2. ශේෂ්ඨාධ්කරණය ඇතුලේ වෙන AL
clz වල එවුන් ඇවිත් කරන ඒවට අපේ කැමත්තක් තිබ්බේ නෑ,(අපි තවම පොඩි අනික අපේ සෙට් එකේ අය නොමඟ යන්න පුලුවන් විශේෂයෙන්ම මේ astonish
වගේ පොඩි එක්කෙනෙක්වJ)
3. ශේෂ්ඨාධ්කරණයට එන යන සමහරු අපට දිරේව්වේ
නෑ.
4. කේලම් වලට හසු වෙන නිසා.
ඕන්න ඕහ්
හේතූ කාරනා මත KBS ල ශේෂ්ඨාධ්කරණයට යන්නෑ. අමුතුවෙන් කියන්න ඕන නෑනේ AL ක්ලස් වල වැඩිපුර
ලව් සීන් තියෙනවා නෙහ්. මේකත් ඒ වගේ එකක්. AL ක්ලස් වල කෙල්ලෙක් කොල්ලෙක් ට ලියපු ලව් ලෙටර් එකක් අපේ සෙට් එකේ එක්කෙනෙක්ට
මාට්ටු වෙලා, අපි අතර රහස් කියල ජාතියක් ඇත්තෙම නෑ ඉතින් අදටත්
එක එහේමයි. මාට්ටු උන අපේ කෙනාට ඉතින් සිහියක් සන්නයක් නෑලූ
ඕක අපට කියනකන්. මට්ටු උන කෙනාට කොටින්ම හිතාගන්න බෑරි වුනාලු
ලිවුමේ අයිති කාරයයි කාරියි දැන ගත්තම.
Advertisement : මේ මේ වැඩියේ හිතන්න එපා ලිවුම astonish ලියපු එකක් නිමි හැබැයි
astonish ගේ සම්බන්ධයක් තියේ මොක්කද කියල බලන්න දිගටම කියවමු නෙහ්
Hint : ලියුම කෙල්ලෙක් කොල්ලෙක්ට ලියපු
එකක්
ඕන්න එක්කතරා
පෞද්ගලික අධ්‍යාපනික ආයතනයකට මේ ලියුම කියවපු අපේ සෙට්
එකේ හිතාදරියි තව හිතාදරියෙකුයි astonish යි හවස් වරුවේ සෙට්
වෙනවලූ, ඒ ආයතනයේ තියේ ලෝකූ ගහාක් ගහේ නම අහන්න එපා දන්නෑ.ඒ ගහා යටට ගියාම මාර කූල්, ඕන්න ඉතින් අපේ සෙට්
එකේ කෙනා ලියුමේ තිබ්බ ඒවා එක එක හිමීන් සැරේ දිග අරිනව එයා ලියුමේ තිබ්බ ඒවා කියද්දි
astonish සහා අනිත් සගයයි උඩ පැන පැන හීනා වෙනවලු (ලිවුමේ තියෙන ඒවා කියවද්දි ඉස්කෝලේ හිටියනම් පැල් බැඳන් හීනාවෙන්න තිබ්බා
කිය කියා,)ඒ මොකද දන්නවද සෙට් එකටම පිලිලක් වුන ඇණයක් astonish ගෙන් ගැල වීම.
ඔයාලා හිතනව ඇති astonish ට ඇණයක් වුන එකක්
නම් ගැල වෙන්න යන්නේ අනිත් අය මොකටද සතුටු
වෙන්නේ කියල නෙහ්. ඒ අපේ සෙට් එකේ අනන්‍යතාව, අනිත් සෙට් වලට වඩා අපි සෙට් ඒක වෙනස් වෙන
තැනක් තමයි ඒ, අපේ කාට කවුරු වැරැද්දක් හරි බැන්නොත් හරි එක
සෙට් ඒකටම බැන්නා වගෙ තමා අනික බැන්න කෙනා සෙට් එකේ පොදු හතුරෙක් වෙනවා ඉතින් කවුද කැමති ප්‍රිෆෙක්ට්ලා 5 කගේ පොදු හතුරේක් වෙන්න කවුරුත්ම
නෑ. J
ලිවුමේ තිබ්බ
එවටයි ඒකට අදාළ අය ගැනයි කියව කියව එදා දවස පට්ටම හැපී විදියට ගෙවිලා ගියාලු. ඒදා පාරේ එද්දිත් අර ලියුමට අදාළ අයගේ ලමයින්ගේ ස්කින් කල්ර් එක පවා
astonish යි අනිත් සගයායි කියව කියව මාර හැපී එකේ පාරේ පිස්සු නට
නට ආවේ. .ඊලඟ දවසේ ඉස්කෝලේ ගිහින් රස කර කර අනිත් දෙන්නට මේක
කියනකන් ඉවසිල්ලක් නෑ.
ඊළඟ දවසේ
astonish ඉස්කෝලෙට එන්නත් කලින්ම ලියුම කියවපු අපේ හිතාදරි අනිත්
දෙන්නට මේ සීන් එක ලාවට කලාවට කනේ තියාලා. එදා දවසේ අන්තිම
පිරියඩ් දෙකේ ගුරු රැස් වීමක් ඉතින් අපිව පන්ති බලාගන්න කියලා announce කරා. අපි ඉතින් සුපුරුදු පුරුදු ලීලාවෙන් වැඩි
කලබලයක් නැතුව කැන්ටීන් ඒක තියෙන තැනම තියේද කියල බලලා,කැන්ටීන්
එකටත් ගොඩ වැදිලා පංති බලා ගන්න ගියා. ඔය අතරේ අපේ කෙනෙක්
අර ලියුමට අදාළ බෝයි ගෙන් සීන් එක අහලා. වැඩේ අතේ පත්තු උන
පාර බෝයි අදාළ ග්ර්ල් ට කියල. ඕන්න දැන් KBS කේලමකට මැදි වෙලා, අදාළ ගෑණු ලමයා අපේ සෙට් එක්කෙනෙක්ගෙවත්
මූණ බලන්නෑ. සීන් එක බෝයි ගෙන් අහපු අපේ සෙට් එකේ කෙනාට සම්පූර්ණ
වැරැද්ද පටවන්න හදන්නෙ අදාළ අය අත පිහදා ගන්න හැදුවට ඒහේම ලේසියෙන් අපේ එක්කෙනෙක්ට
වැරද්දක් කියන්න දෙන්නෑ අපි. අදාළ අය එහෙම ලියුමක් ගැන පිලිගන්නෙම
නෑ. හැබැයි අපට වටින් ගොඩින් කට්ටිය අවිත් කියුවා ඒක අත්තක්
කියලා.
ඕන්න ඕක
සිද්ධ වුන කාල සීමාවේ එක දවසක astonish එක්ක කතා කරන්න ඕන කියල
astonish ක්ලාස් එකට අඩිය තියද්දිම අර ලියුමට අදාළ ග්ර්ල් කිව්වා.
කිව්ව විදිය නම් එච්චර දිරෙව්වේ නෑ හැමෝම මැජික් එකක් වගේ බලන් හිටියා
අහ් astonish නිකන් චැලෙන්ජ් කරා වගේ. අපේ අය ලගට ආපු පාර එයා ශේප් වෙලා ගියා,
ධනු: මොකෝ බං ඒ
Astonish : කවුරු දන්නවද බං මොකක් උනත් මාරාලයක් සෙට් වෙන්න වගෙ යන්නෙ නෙහ්
නිෂු : මැස්සෙක් ගිය උඩ, හරි වැඩක් නෙහ් බං උන්ට ලියුන්
ලියන්න හොදයි අපට කියන්න හොද නෑ,
විදු: හා හා මේ දැං ඇති ඔය කටවහන් හිටපං නිෂු තව ලෙඩ දගන්නෙ නැතුව
ධනු: ඇයි බයද බං
Astonish : කෝ බං සූ තවම නෑ දැන් බෙල් එකත්
ගහයි.
ධනු : සූ නාවත් කමක් නෑ බං නංගි අතේ හරි බත් එක එවනවනම්
නිෂු : දන්නවනෙ ඒකිගේ ටයිමින් 1.29 ඒයි ගානට, එක්කො අද තාත්තා හරි නංගි හරි පරක්කු කරන්න ඇතී.
අඩෝ බං සූ ට බලන්න තියෙන තැන පොඩි උන් සුද්ද කරද දන්නෑ පිනා ගෙන් බැනුම්
අහන්න වෙයි මං බලලා එන්නම්,
ධනු : සුද්ද කරලා බං මං බැලුවා.
විදු : අහ් ඔය එන්නෙ දිලිසි දිලිසි කෙල්ල බෙල් එකත් අරන්ම (පාසල් සීනුව නාද කරයි)
Astonish : ඇයි බං දැන්ම ආවේ අපරාදෙනේ තව
නිදාගන්න එපැයි අපටත් එක්ක .
(හැමදාම පරක්කු වෙලා සූ එනකන් බලන් ඉඳන්
එපාම උනාම බනින්න කොච්චර කට හදන් හිටියත් බනින්න වෙන්නේ ඉතින් දත් සෙට් එක සේල් දාන්
හිනා වේවි එද්දි.)
පිරියඩ්
එක දෙක ගෙවිලා යද්දි Astonish ට පොඩි පංතියක නංගි කෙනෙක් ඇවිත්
කිව්වා අර අදාළ ගෑණු ලමය ශේෂ්ඨාධ්කරණයට එන්න කිව්වා කියලා.(පොඩි එකා නම් කිව්වේ පුස්තකාලයට එන්න කියලා)
අපේ අනිත්
අයගේ උපදෙස් පරිදි මං ගියේ නෑ. ඔහොම පණිවිඩ දෙකක් ආවා. අන්තිම පිරියඩ් එකේ තුන් වෙනි පණිවිඩයත් ආවා. ඊට
පස්සෙ ඕන්න අපි සෙට් එක යන්න කියලා පිටත් උනා කියමූ දැන් අනිත් 4 දෙනාම මට කියන්න ඕන දේවල් හො හො ගාල කියවනවා.එක
විකාරයයි අපි බලාපොරොත්තුවෙන් හිටියේ මෙහෙම කියයි කියල Astonish ශේෂ්ඨාධ්කරණයට ගියාම.
අර අදාළ
බෝයි=k
අදාළ ගර්ල්=i
i අනූ මායි k අතරේ සම්බන්ධයක් තියේ.
කියලා අහන්න
කොච්චර ආසාවෙන් හිටියද කියුවොත් Astonish සෙට් එකට චෝකලට් කේක් දේන්නත්
පොරොන්දු වුනා.
ධනු : අනූ යන්න අපි එලියෙන් ඉන්නම්
නිෂු : all
the best මචං .
Astonish යාලුවො 4 දෙනාට හීනාවක් දාගෙනම ශේෂ්ඨාධ්කරණයට ඇතුල් වුනා දැං නම් චකිතයක් කිති කැවෙනව
වගෙ අෆ්ෆා.මේකී මෝන කියයිද කවුද දන්නෙ Astonish ට කන්න දෙන්නද දන්නෙත් නෑ එන්න කිව්වේ මාත් ඕන ඔහේ ආවා.
I: අහ් එන්න අනූ මොකෝ පරක්කු වුනේ මං පනිවිඩ
කීයාක් යැවුවද බං
Astonish: වැඩ බං මොකෝ සීන් එක මට එන්න
කිවුවේ මුකුත් අවුලක්ද.(නොදන්නව වගේ කතා කරන්න කියල ලැබුණ
උපදෙස් මත Astonish කතාවට ආවේ.)
I:නොන්දන්නව වගේ කතා කරන්න එපා බං උබ බබා,
මං කෙලින්ම කියන්ම්කෝ,මායි k අතරේ සම්බන්ධයක් නෑ ඌ ආදරේ කරන්නෙ උඹට මට නිමි. එක එදත් අදත් එහෙමයිලු.
Astonish: ඉතින් මන් කියන්ම් හැමදාම කියුවා
වගේ මං ගැන හිතලා පෙට්ට්‍රල් පුච්ච ගන්න එපා කියලා.ඊසි නෙහ් .බොලා යාලූ නම් අපි සෙට් එකම සප් එක දෙනවා
අවුලක් නැ. (යකෝ ඕක අහන්නද මං මෙතෙන්ට ආවේ අහ්හ්.මගේ චොකෝ කේක් පාටිය අයියෝ යෝ යෝ දැන් මං මොනාද අරුන්ට කියන්නෙ)
I: පිස්සුද බං තේරුන් ගනින්කෝ පොඩ්ඩක් ඌට අමතක වෙන ලෙඩක් තියෙලූ ඔලුවත්
එක්ක රිදෙනවලු වෙලවකට උඹ ගැනම හිතලා පිස්සු වගේලු
Astonish: ඉතින් උඹ දැන් මට කියන්නෙ පිස්සෙක්
එක්ක යාලු වෙන්නද බං,
I: මේ ලගදි හීනෙන් දැකලා උඹට කවුද පිහියෙන්
අනිනවා
Astonish: අහ්හ් ඇත්තට උඹත් අහුවෙනවද බං
ඕවට අනේ ඕවා මොනාද බං එක පාරක් k මාව බය කරන්න බ්ලැක් ඩිස්කවර්
එකකින් බ්ලැක් ඇඳන් බ්ලැක් ෆුල් ෆෙස් හෙල්මට් එකක් දාන් කොල්ලෙක්ව එවුවා අපේ
හා වින්ඩොස් 7 හොයන්. හිතන්න ඇති
ඊට පස්සෙ මන් බය වේලා එයා එක්ක ස්කුල් අරිලා ගෙදර යයි කියලා හරි යාලු වෙයි කියල හරි.මේ මට ඕවා කියවන් එන්න එපා ප්ල්ස්. කියාලා ඉවරද
මං යන්නද ආආ
I: හ හා හරි බං බායි එහෙන්ම්
දැන් තෙරෙන්න
ඇති නෙහ් Astonish ව
ගෑ වුන විදිය. ඕන්න ඕකට තමයි Astonish ව ශේෂ්ඨාධ්කරණයට
යන්න වුනේ. කොහොම හරි අපේ සෙට් එකම බලාපොරොත්තුවෙන් හිටපු
දේ නිමි අන්තිමට වුනේ. ඕකට තමයි කියන්නෙ දෙයක් වෙන්න කලින්
හීන මවන්න පුරුදු වෙන්න එපා කියලා. අපි හිතන මතන දේ නිමි අන්තිමට
කොහොම හරි වෙන්නෙ වෙනමම දෙයක්. ඉස්කෝලේ කාලේ මෙහෙම දෙවල් සාමාන්‍ය දෙවල්.ඒවා කැපිටල් කරගන්න ගිය අයට කවදාවත් පාසල්
ජීවිතය විදින්න වෙන්නෑ එ වෙනුවට ඒයාලට තමන්ගෙ මූලු ජිවිත කාලේම විදවනවා.මන් එහෙම අයව අනන්තවත් දැකල තියෙන නිසා කියන්න හිතුවේ. අහ් තව දෙයක් කියන්න ඕන අද වෙනකන් මගේ සෙට් එක KBS ලා එකට ඉන්නවා ඒදා වගේම. අනික තමයි මං හොඳටම දන්නවා සමහර සෙට් වල ගොඩක් අය තමන්ගෙ අයට කොල්ලො
සෙට් කරන්න දගලන විදිය ඒ ඇත්තම යාලූවෝ නිමි කියලයි මං නම් කියන්නෙ මොකද අපි කවුරුත්
කැමති නෑ නෙහ් අපේ අය ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවට .එ අතින්
Astonish මාර වාසනවන්තයි ලෝකේ ඉන්න හොඳම යාලුවෝ ලබන්න.
තමන්ට හොඳ
යාලුවො ඕනන්ම් මුලින් තමන් හොඳ යාලූවෙක් වෙලා ඉන්න.
. – Astonish –
[Thank you my best ever buddies V, D, S, N to always
being with me- your ever loving ~Anu~]
~~~~~~See you soon!~~~~~~
No comments:
Post a Comment