Monday, June 27, 2016
MJ's poem stolen by Astonish
Monday, May 30, 2016
Friday, May 6, 2016
Who I’m I
උදේ පාන්දරින් කොහේ හරි යද්දී හිතට නැඟෙන ප්‍රබෝධය නම් ඉර එළිය ඇඟට වැටුනම ගන්න බෑ. වටේම තියෙන අතී රමණීය සුන්දරත්වය විඳීමේ අයිතිය ඇතැතිව කලින් කිව්වා වගේම මං යනවා දෙපැත්තේම උස ගස් වවලා තියෙන එක පැත්තකින් නිල් පාට මුහුද තියෙන ලස්සනම ලස්සන පාරක එත් මට ලස්සන පෙන්නේ හැමෝටම පේන මානේන් නිමි. මේ පාර මොකක්ද කියලවත් මං දන්නෑ අඩුම ගානේ ඇයි මං මෙහෙම යන්නෙ? මගේ ගමනාන්තයවත් මං දන්නෙ නෑ. මං දන්නේ මං ලස්සනම ලස්සන පාරක ඔහේ යනවා කියලා විතරයි හැබැයි මගේ තනියට හීතල මඳ පවන් මාත් එක්කම වෙලිලා ඉන්නවා.
උදේ පාන්දරින් කොහේ හරි යද්දී හිතට නැඟෙන ප්‍රබෝධය නම් ඉර එළිය ඇඟට වැටුනම ගන්න බෑ. වටේම තියෙන අතී රමණීය සුන්දරත්වය විඳීමේ අයිතිය ඇතැතිව කලින් කිව්වා වගේම මං යනවා දෙපැත්තේම උස ගස් වවලා තියෙන එක පැත්තකින් නිල් පාට මුහුද තියෙන ලස්සනම ලස්සන පාරක එත් මට ලස්සන පෙන්නේ හැමෝටම පේන මානේන් නිමි. මේ පාර මොකක්ද කියලවත් මං දන්නෑ අඩුම ගානේ ඇයි මං මෙහෙම යන්නෙ? මගේ ගමනාන්තයවත් මං දන්නෙ නෑ. මං දන්නේ මං ලස්සනම ලස්සන පාරක ඔහේ යනවා කියලා විතරයි හැබැයි මගේ තනියට හීතල මඳ පවන් මාත් එක්කම වෙලිලා ඉන්නවා.
Wednesday, April 27, 2016
ඇස්ටොනිෂ් වැටුනේ කොහොමද?
ඇස්ටොනිෂ්
අවුරුද්දට පානදුරේ නැන්දා බලන්න යනකට මතක් වුන කතාවක් තමයි ඉතින් මේ, ඇස්ටොනිෂ් එතකට
1 වසරේ ඇස්ටොනිෂුයි එයාගේ ලොකූ මාමයි , ලොකූ මාමගේ වයිෆ් නැන්දයි, ඇස්ටොනිෂ්ගේ නැන්දයි
එයාලගේ අළුත උපන් කසින් නංගියයි ගියාලු ඔය කියන පානදුරේ නැන්දා බලන්න. පිංවත්ත ස්ටේෂන්
එකෙන් බහිද්දිම නිකන් ලාවට වගේ වහින මල් වැස්සකුත් එද්දීඇස්ටොනිෂ් බබා තෙමිලා හෙම්බී
හැදෙන නිසා එයාගේ අළුත උපන් බබාගේ ලොකූ සාළුවක් වගේ පෙරවන එක දුන්නා කුඩ අරන් නිමිනේ
ගිහින් තියෙන්නෙ. දන්න අය දන්නවා ඇතිනේ පානදුර
පිංවත්ත ස්ටේෂන් එකට එහා පැත්තේ මුහුද කියලා. ඉතින් ඇස්ටොනිෂ් අර ලොකූ තඩී සාළුකුත්
දාගෙන යද්දී රේල් පාරට වැටුනා කියහන්කෝ..
ඕන්ණ
ඉතින් දැන් ඇස්ටොනිෂ්ගේ චූටි ඇස්වලට නොපේනීම මාමලා නැන්දලා යනවා. එහා පැත්තෙන් හූ හූ
ගාගෙන කොච්චියත් එනවා. එතකටම ලොකී මාමා පිටි පස්ස බලද්දි පොඩි එකා මිස්සින්(ඇස්ටොනිෂ්).
ලොකූ මාමා ඉක්මණටම ඇවිත් අතෙන් ඇදලා ගත්තා ඇස්ටොනිෂ්ව උඩට ඒ එක්කම කොච්චි එන්ජින් එකත්
ගියා. තව තප්පරයක් මිස් වුනානම් ඇස්ටොනිෂ් කෙනෙක් නැත.
ඒක
නිමි හොඳම සීන් එක ඇස්ටොනිෂ් වැටුනේ කොහොමද කියල එක. මුහුදු හුලගට වැටුනද නැත්තම් අර
සාළුවේබර වැඩිකමට වැටුනද කියල එක. හි හි. කට්ටියනම්
කියන්නෙ හුලගට ගහගෙන ගියා කියලා. ඔයාලා කියන්නෙ මොකක්ද ඒකමනෙහ්හ්….
අනික එදා තමයි ඇස්ටොනිෂ්ගේ මුල්ම දුම්රිය ගමන අදටත් ලාවට බයයි කෝච්චියේ යන්න.
By : Astonish
Thursday, April 14, 2016
සුන්දර බස් කතා
ගිම්මී
අක්කගේ බස් කතාන්දරය කිවද්දී ඇස්ටොනිෂ්ටත් පරණ කතාවක් මතක් වුනා. ඒකත් බස් කතාවක් තමයි
හැබයි ඉස්කෝලේ නිමි අමතර පංති ඇරිලා එද්දී වුන සංසිද්ධියක්. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලෙට හයියෙන්
ගියොත් විනාඩි 15 හිමින් ගියොත් පැය භාගයේ දුර නිසා ඇස්ටොනිෂ් පයින් තමයි ඉස්කෝලේ ගියේ.
ඇවිද්ද පය දහස් වටීලුනෙහ්. ඒ කාලේ රටේ සංවර්ධනය වෙමින් තිබ්බ කාලේ :p ගාල්ල මාතර රේල් පාර හදන කාලේ ඉතින් කොච්චි වැඩ
නැති නිසා වැඩට යන එන අයට අමතර බස් සේවාවක් දාල තිබ්බා. ඇස්ටොනිෂ්ලට හවස ඒලෙවල් අමතර
පංති ඇරෙන්නේ හවස ජාමේට කළුවරට පයයි එළියට පයයි තියලා වගේ. ඒ වෙලාවට බස් වල සෙනග කට කපලා එකයි.
ඒ කාලේ අපට හැමදාම සෙට් වෙන ලංගමයක් තිබ්බා ඒක ජෙට් එක වගේ එන නිසා ඒ බස් එක හම්බුනාම ඒකේ නැගලා එන පුරුද්දක් අපේ සෙට් එකට තිබ්බා.හිටන් තමයි ඉතින්. ඔය අතරේ අපේ ඇස් මානේ ගැබිණි මව්වරුන්ට වෙන් කරලා තියෙන ෂීට් එකේ කපල් එකක්, ඒ කාලේ කපල් දැක්කම, කපල් දැකපු පළවෙනි පාර වගේ උන්ට විරිත්තන සිරිතක් තිබ්බනේ… ඔය අතරේ අතේ බඩු ගොඩාරියක් එක්ක ගැබිණි අම්මා කෙනෙක් හිටගෙන ඉන්නවා අපී ගාවාම. ඇස්ටොනිෂුත් දැකේ චූට්ටක් වෙලා ගියාට පස්සේ ඒ අම්මව.
Wednesday, April 13, 2016
සුභ අළුත් අවුරුද්දක් වේවා!
බ්ලොග් වාසී සෑම දෙනාටම ලැබුවා වූ නව අවුරුද්ද සුභ අළුත් අවුරුද්දක් වේවා!
<ඇස්ටොනිෂ් />
<ඇස්ටොනිෂ් />
Friday, April 1, 2016
Back to normal mode
Saturday, March 12, 2016
19 VS 23
Friday, February 26, 2016
දොස්තරලගේ මාර්කටින්
අද සමාජේ වෙන සමහර දේවල්
මහාපරිමාණයෙන්ම
අසාධාරණයි.
කරන තරමක් කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කරවන වැඩ. එකම වැඩේ කර ගන්න එක පාරට වඩා යන්න වෙන එක අනිවා ෂුවර්. එයාලා හිතන් ඉන්නේ එයාලා විතරයි උගත් බුද්ධිමත් එයාලටම විතරයි මේ ලෝකේ වැඩ රාජකාරි තියෙන්නෙ කියලා. රාජ්ය බැංකු ගැනනම් කතාකරලම වැඩක් නෑ ඉස්පිරිතාල ඊට එහා. ගොඩක් අය
දැන්
පුරුදු
වෙලා
තියෙන්නෙ දොස්තරලාව පෞද්ගලික රෝහල්
හරහා
සම්බන්ධ කර
ගන්න.
ඒක
ලේසියි
පහසුයි
වගේම
ඉස්පිරිතාලෙට වඩා
රෝගීන්
ගැන
මවාගත්
සෙනෙහසින් දොස්තරලා රෝගින්
ඉස්සරහ
හැසිරෙන නිසා
මිනිස්සු හිතන්
ඉන්නවා
ඒ
ක්‍රමේ වඩාත් ඵලදායි
කියලා
ඒත්
හොඳට
හිතුවොත් එතන
තියෙන්නෙ අමු
මාකර්ටින්.
අපි මුලින්ම
ඉස්පිරිතාලෙට බෙහෙත්
ගන්න
ගියොත්
රට
කැටයම්
දාලා
එයා
ඉන්න
පෞද්ගලික රෝහලක
චැනල්
එකක්
දාලා
රිපෝට්
පෙන්නන්න කියනව.අපි
මුලින්ම පෞද්ගලික රෝහලකට
ගියොත්
එක
වැඩේ
දෙක
කරනවා.
චෙක්
අප්
කරගන්න
කියල
ලියලා
දෙනව
කොහෙද
කින්ද
මංද
කියලා
ලියලා
දෙන්නෑ
ඉතින්
චෙකප්
කරලා
ආයේ
සතියක්
පහුවෙලා දොස්තරව හම්බෙන්න තව
චැනල්
එකක්
දාන්න
ඕණ.
එතකට
ඉතින්
අර
ලෙඩවෙලා ඉන්න
මනුස්සයට හොඳ
ගණන්.
ඉස්සර
කාලේ
අපි
දොස්තරලා ගැන
කොච්චරනම් හොඳ
කතා
අහලා
තියෙනවද ඒකට
අද
හැමදේම
මාර්කටින් වෙලා.මනුස්සකම
දශමක්වත් ගෑවිලා
නෑ.
තමන් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේ මාර්කට් කරාට කමක් නෑ, ඒත් ඉතින් සාධාරණ විදියට තමන්ගේ දැනුමට මාර්කට් කරනවනම් තමයි හොඳ ඒ වගේම තමන්ට ලැබිලා තියෙන ගරුත්වය රැකෙන්නෙ එතකට.
~ඇස්ටොනිෂ්~
Subscribe to:
Posts (Atom)







