Friday, January 29, 2016

ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි!

ඇස්ටොනිෂ් අන්තිමට පෝස්ට් එකක් දැම්මට පස්සේ ගොඩක් දවසකින් තමයි ආයේම ලියන්න හිතුවේ. ඇස්ටොනිෂ්ගේ ජීවිතේ එක එක බයිලා කතා ගොඩාක් ලියලා “නිදහස” ගැන ලියපු පොස්ට් එක ගොඩක් අය අතරට ගියා කියලා දැන ගත්තේ ඊයේ මොක්ද මේටිකේම ඇස්ටොනිෂ් බ්ලොගර් එක බැලුවේ නෑ. මේ අවුරුද්දට දාගත්ත විභාග කටයුතු ලඟ ලඟම එන නිසායි ෆයිනල් project එකෙයි වැඩ නිසා පොඩ්ඩක් නිමි ගොඩාක් වැඩ. මට ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි. ඇත්තටම මං බ්ලොගින් වලට අළුත්ම අළුත් හැබැයි දැනටම හොඳ විව්ස් තියෙනවා. මට මුළින්ම බ්ලොග් යූස් කරන්න කියලා දුන්නේ තිලිණ, අපි ඒ දවස් වල ටෙක්නොලොජි බ්ලොග් එකක් කරා. මං දැක්කා ගොඩක් අයගේ කමේන්ට් වල තිබ්බා මට ලියන්න පුළුවන් කියලා ඇත්තම කතාව කිව්වොත් මං මේ ලඟදී තමයි තෙරුන් ගත්තේ මට ලියන්න පුළුවන් කියලා ඒකත් මං නිමි හොයා ගත්තේ තුසිත අයියා. මං ලියපු මුල්ම පෝස්ට් එක පෙන්නුවේ මගේ ශැඩෝ එකට ඒ සුසන්තිට.දවසින් දවස ලැබුණ වීව්ස් නිසා තමයි මට ලියන එක අල්ලාගෙන ගියේ, මුල ඉන්දන්ම මට මං කවුද කියලා පෙන්නලා දුන්න හැමෝටම ස්තූතියි ආයේම. ඇස්ටොනිෂ්ට පොඩි ටාගට් එකක් තිබ්බා බර්ත්ඩේ එකට කලින් විව්ස් 2000ක් ගන්න මං හිතනව උපන් දිනේට මාස දෙකකට කලින් වගේ මට ඒක ලැබෙයි කියලා. තව ඉස්සරහට යන්න මට ඔයාලගේ ප්‍රතිචාර වගේම බ්ලොගින් සයිඩ් එකේ ටෙක්නිකල් දැනුමත් මට ලබා දේවී කියලා බලාපොරොත්තු වෙනවා. අනිත් කාරනේ තමයි මට දිගටම වගේපෝස්ට් දාන්න බැරි වෙයි මොකද මොනා කරන්නත් කලින් මං මගේ ඉගෙනීම් කටයුතුවලට මුල් තැන දෙන්න ඕණ නිසා. මාර්තු අන්තිම වගේ ආයේම එක දිගට පෝස්ට් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉඩක් තියෙන විදියට පොස්ට් දාන්නම් ඒ වුනාට ඉතින්. ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි!


~ඇස්ටොනිෂ් ~

Sunday, January 24, 2016

නිදහස


නිදහස කියන්නේ  මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම උරුමකම් කියන්න පුළුවන් දෙයක්. මේ දේ ඕණවට වඩා දුන්නමත් ප්‍රශ්න නැති උනාමත් ප්‍රශ්න. නිදහස කියන්නේ ඇස්ටොනිෂ් පෞද්ගලිකවම මේ ලෝකෙන් ආසම දේ වගේම ඕණවට වඩා ඇස්ටොනිෂ්ට තියෙන එකම දේ කිව්වත් හරි. ළමයෙකුට ගෙදරින් නොදෙන විදියේ කැලෑ නිදහසක් බුක්ති විදින නිසාමද කොහේ පුංචී කාලේ ඉඳන්ම අද වෙනකන් තියෙන නිදහස දිගටම පවත්වන් යනව මිස නිදහසට අඹ මල් රේණුවක් තරම්වත් කඩ කිරිමක් කරන්න අකමැති නිසාවෙන් හුගාක් සැලසුම් සහගතව නිදහස පවත්වන් යනවා.

 ඇස්ටොනිෂ්ගේ හුඟාක් යාළුවන්ට නැතිම දේ තමයි නිදහස කියන්නේ මගේ නම් ආකාල්පය නිදහස විශ්වාසය එක්ක බැදිලා තියෙනව ඒ නිසයි ගෙවල් වලින් සීන් දාලා නිදහස තර කරන්නේ. අපේ අතීතයේ හැසිරීම් රටා අනුව තමයි අපිව අනාගතයෙදි  මනින්නේ වගේම නිදහස වගේ දේවල් නැතුව යන්නේ. ඉතින් යාළුවෝ එක්ක අඩියක්වත් එහාට මෙහාට යන්න නොදෙන එක සාධාරණයි. නිදහසත් විශ්වාසය වගේම උපය ගන්න ඕණ දෙයක්. දෙමාපියෝ තමන්ගේ දරුවන් මත තියෙන විස්වාසයේ මට්ටමට තමයි නිදහස බුක්ති විදිමට දෙන්නේ ඒකේ  සාධාරණත්වය පිළිබඳව ගැටලුවක් නෑ මොකද මේ ලෝකේ අපිව තමයි අපේ දෙමාපියනට වැඩියෙන්ම වටින්නේ.
ළමයින්ට නිදහස නොදීම කූඩු කරලා තියන් හිටියම වෙන්නේ පොඩි හරි නිදහසක් ආවා ගමන්ම පියාබලා යන ඒක.

Sunday, January 17, 2016

නංනං

ඔන්න එක දවසක් ඇස්ටොනිෂ් 10 වසරෙදි නංනං කලා ගුටි කෑවා. ගුටි කෑවෙත් ලේසි පහසු කෙනෙක්ගෙන් නිමි ඉස්කෝලේ එවකට හිටිය නපුරුම සර් ගෙන්. 10 වසරෙදි ක්ලාස් එක තිබ්බේ ඔෆිස් එක කිට්ටුවම ඉතින් හ්ම්ම්ම් කිව්වත් ඇහෙනවා. ඒ සර් ගෙන්ඇස්ටොනිෂ් ගුටි කාපු පළවෙනි පාර ගුටි කෑවේ 6 දි ඒ ඉස්කෝලේ හැමෝම ඇරෙන වෙලාවේ ගාථා කියද්දි ඇස්ටොනිෂ් මේස් දානවා ඒකත් ඔෆිස් එකට පේනමානේ ඉදන්. ඒඇස්ටොනිෂ් වේවැල් පාරක් කාපු පළවෙනි වතාව.

Tuesday, January 12, 2016

ෆ්රුට් සැලඩ් හැදිල්ල.

ඔන්න ඉතින් අද ඇස්ටොනිෂ් කියන්න හිතුවේ මොකක්ද දන්නවද?[ඔයාලා කොහොමද දන්නේ කියනකං නෙහ්]. මේක චූටි අහිංසක හොර කමක් වගේ දෙයක් ඒ වගේම පවක් කියලා තෙරෙන්නේ දැන් තමයි.ඉස්කෝලේ කාලේ කරපු දේවල් වල කිසිම බරක් පතලක් නෑ ඒකට දැන් තමයි හිතෙන්නේ ඇයි එහෙම කරේ කියලා.දැන් ඉතින් එවා හදන්න බෑ. ඒ වුනාට ඒ මතකයක් හරි සුන්දරයි. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලේ හැම වෙසක් පෝයකටම ළමයි සිල් ගන්න ඕණ ඉස්කෝලේ ඇතුලේම. ඒ අවුරුද්දේ විතරක් මිස්ලා සර්ලා විතරක් සිල් ගන්න ලෑස්තී වුනා. මිස්ලා දෙතුන් දෙනෙකුයි ප්‍රිෆෙට්ලායි තමයි උපස්තාන කරන්න හිටියේ. එදා නම් අමුතුම හැඟීමෙන් වැඩ කරපු දවසක් අපි උදේන්ම ඉස්කෝලේදි සෙට් උනා මුළු බුදුමැදුරම ලස්සනට මල් වලින් සැරසුවා වගේම ගාලු පාර අද්දර තියෙන බුදුරුව ගාවත් ලස්සනට මල් වලින් සරසලා පහන් පත්තු කරලා ඉවර වෙද්දි 10ත් පහුවෙන්න ඇති.

Wednesday, January 6, 2016

ඇස්ටොනිෂ් හා තැපැල් කාර්යාලය




ඇස්ටොනිෂ්ට පසු ගිය අවුරුද්දේ උන දෙයක් තමයි මේ ලියන්න යන්නේ මොකද ඒදේයින් මේ වේද්දි ප්‍රතිඵලත් ලැබිලා ඇස්ටොනිෂ් හැපනින් එකේ ඉන්න නිසා. ඒ වෙන දෙයක් නිමි ඇස්ටොනිෂ් exception ඇප්ලයි කරා එයාගේ degree එකේ. ඕන්න ඉතින් කාලේක ඉදන් ෆෝම් එක ෆිල් කරලා යවන්න ඕන කියල හිතුවට යවන්න උනේම නෑ. දෙසැම්බර් 31 එක කියන්නෙ ඉතින් 2015 අන්තිම දවස නිසා එක පාරටම ඇස්ටොනිෂ්ට හිතුනා මේ අවුරුද්දේ වැඩ මේ අවුරුද්දේම ඉවරයක් කරලා දාන්න ඕණ කියලා. ඒත් ඉතින් අව්ව දකිද්දි නම් එපාම වෙනවා ඒත් ඉතින් අදම මේ වැඩේ ඉවරයක් කරන්න කියලා හිතන් ඇස්ටොනිෂ් ගියා . යන්න කලින්ම ටවුන් එකෙන් A4 සයිස් ලිවුම් කවරයක් ගෙන්නන් තියාගන්න කියලා ෂොප් එකේ ඉන්න යාළුවෙක්ට කියලා ඒ ෂොප් එකටම ගිහින් ෆෝම් එක ෆිල් කරගෙන තැපැල් කාර්යාලයට යද්දිම ඉතින් 3යි ඒ වෙද්දිත් මේල් එක දාන්න ඕණලු. රෙජිස්ටර් කරලත් එපැයි යවන්න.

හුදකලාව

සිතූ ලෙස සැරි සරන
සිතුවිලිවලින් බරිත වන
නොයෙක් පැතුමන් මවන
වදන් නම් නොම දොඩන
තනි වු  ලෝකයක් මැවෙනසන්තාපයෙන් මියැදෙන
සන්තෝෂයෙන් පිබිදී යන
මහා හඩින් හැඩුම්  එන
බොහෝවිට සිනහ නගන
 තොල්පෙති නොසෙල්වෙන
බොහෝ දේ සිතග මැවෙන
සියලූ තැන්හි සැරිසරන
නැවත මා අසලම රැදෙන
කිමද මෙහි ඇති අරුම
නුඹ සොදුරු හුදෙකලාව




 By: Thusitha Chamara 

Friday, January 1, 2016

රසම රස බීම මිස්ලට විතරයිද ඔට්ටූ?

හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!
මේ අවුරුද්ද පටන් ගන්නකටම ලියන්න මතක වුනේ ඇස්ටොනිෂ්  සහ පාසල්  මිතුරියන් කල දඟ වැඩක්. තමයි අපේ ඉස්කෝලේ අළුතෙන් හදපු බිල්ඩින් සෙට් එකක්ම ඕපන් කරන උත්සවයක් තිබුනා. උත්සවේට ඉතින් මුළු ඉස්කෝලේම ලැස්ති වෙද්දි ඇස්ටොනිෂ්  හිටියා ආරාධිත අමුත්තන් පිළිගන්න මල් මාලා දාන්න. කොහොම හරි උත්සව දවසත් උදාවුනා කියමුකෝ ඇස්ටොනිෂ් එතකට 9 වසරේ හිටියේ පංතියේ සමහරක් සංග්‍රහ කටයුතුවලට ගත්තා. අපිට ඉතින් මල් මාලා දාන්න විතරනේ තියෙන්නේ ඒ වැඩෙන් පස්සේ ගෘහ විද්‍ය කාමරයට ගිහින් ඇදුම් මාරු කරන් වටමය සාකච්ඡා යන අතරතුරම  සංග්‍රහ කටයුතුවලට ගත්ත යාළුවෝ ටික ආවා. ඒ වෙද්දී නැටුම් මිස්ලගේ කෑමයි බීමයි ගෘහ විද්‍ය කාමරේ තමයි තිබුනේ. දැන් දැන් අපිට හොඳටම තිබහයි බඩගිනි දෙකම අපි සංග්‍රහ කටයුතුවලට ගිය අයගෙන් ඇහුවා කන්න දෙයක් නැද්ද කියලා එතකටම එතන හිටිය යාළුවෙක් කරේ මිස්ලගේ බීම එකෙන් භාගයක් විතර අපට දීලා ඉතුරු බීම භාගෙට සීනියි වතුරයි කලවම් කරල තිබ්බ එක අපිටත් මොකද අපිත් ඉතින් බිව්වා. ඊට ටික වෙලාවකට පස්සෙම වගේ නැටුම් මිස්ලා ඇවිත් අර වතුර ගොඩාක් දාපු බීම එක රස කර කර බිව්වා. අපිත් ඉතින් මුකුත්ම නොදන්න බබාලා වගේ හිටියා

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! 
මේ අවුරුද්දේ ප්ලැන් කර සියලූම වැඩ හිතනවාටත් වඩා සාර්ථකත්වය නීමා කර ගන්නට ලැබේවා!
ඇස්ටොනිෂ් ඇතුළු මේ අවුරුද්දේ Graduate  වෙන්න හීන දකින සියල්ලම Graduate   වේවා!
සෑම විභාගයක්ම සමත් වේවා!
පැතු පැතුම් මල් සේ පිපිදේවා!

ඇස්ටොනිෂ් ගෙන් නව වසරට පැතුමන්...

Tuesday, December 22, 2015

ප්‍රිරිෆෙක්ට්ස්ලට බයත් නෑ ණයත් නෑ

අපි ඉස්කෝලේ යන කාලේ අපට පේන්න බැරි අය අතර හැමදාම ඉන්නේ අදි පණ්ඩිත ප්‍රිරිෆෙක්ට්ස්ලා ආයේ ඒකේ හොදන්න දෙයක් නෑනෙහ්. ඇස්ටොනිෂ්ටත් ඉතින් එහෙමම තමයි. ප්‍රිරිෆෙක්ට්ස්ලා හිතන්නේ එයාලා තරම් ඉස්කෝලේ පොරවල් නෑ කියලා අපි එයාලට බයේ ඉන්න ඕණ කියලා. ඒත් ඉතින් ප්‍රිරිෆෙක්ට්ස්ලාට විරුද්දව කවුරුත් කට ගහන් යනව අඩුයි ඒහෙම කරත් ගොඩ දෙනෙක්ට යටත් වෙන්නම වෙනව මොකද ඉතින් ඉස්කෝලේ විනය භාර මිස් හෝ සර් ඉන්නේ ප්‍රිරිෆෙක්ට්ස්ලාගේ පැත්තෙනෙ. උදේ රැස්වීම ඉවර වෙලා පේළියට යනකට ඉතින් කොට ගවුමුයි, බැජ් නැති අයවයි, පාට බූල් දාපු අයවයි අල්ලන්න ගත්තා ප්‍රිරිෆෙක්ට්ස්ලා වේලසනින් දැක්කනම් බොරුවට කලන්තෙ වගේ ඇක්ට් කරලා පංතියට යන්න තිබ්බා. ඒත් ඉතින් නෝ ටයිම් ඇස්ටොනිෂුයි තව ළමයෙකුයි හව් උනා බැජ් නෑ කියලා අළුත් ගවුම නිසා බැජ් නෑ මේ සීන් එක උනේ පළවෙනි වාරේ නිසා ගොඩක් අය බැජ් නැතුව අල්ලා ගත්තා. A එකේ නිවුන්නු දෙන්නයි ඒයාලගේ සෙට් එකේ තව ළමයෙකුයි හිටියා.ඇස්ටොනිෂ් ගේ ඉතින් වැඩියේ කතාබහක් නෑ එයාලා එක්ක ඒත් ඉතින් මේ වගේ වෙලාවකට අපි ඔක්කෝම එකට හිටියා මොනා උනත් එකම වසරවල අය නිසා. එතකට තමයි ඇස්ටොනිෂ්ගේ උකුසු එස් වලට හසු උනේ එතන හිටිය ප්‍රිරිෆෙක්ට්ස්ලා දෙන්නෙක් පාට පාට බූල් දාන් හිටියා. අපේ ඉස්කෝලේ පාට පාට බූල් දාන්න තහනම්

Friday, December 18, 2015

ඇස්ටොනිෂ්ගේ හොඳම හොඳ පිස්සුම පිස්සූ යාළුවා...


ඇස්ටොනිෂ් ගේ හොඳම යාළුවෙක් අද ආවා එයාව බලන්න ලගට ආපු ගමන්, ඉතින් හිතුනා පොඩි සටහනක් එයා ගැන තියන්න. මෙහෙමයි ඇස්ටොනිෂ් එක්ක තව පිරිමි යාළුවෝ දෙන්නෙක් හිටියා ඉස්කෝලේ කම්පුටර් ගැන් එකේ. එයින් එක්කෙනෙක් තමයි අද උදේ ආවේ.එයාගේ නම දර්ශ මුළු ඉකෝලේම දන්න චරිතයක් ඉතින්. මෙයා ඉන්නේ කොහෙද එතන මාරම ෆන් හිනාව විතරමයි තියෙන්නෙ ඉතින්. අපි තුන් දෙනා එක්කව සහ දර්ශගේ මුලිකත්වයෙන් ඉකෝලේ වගේම අමතර පංතියෙත් සිදු උන කතාන්දර මතක් වෙද්දිත් සතියක් හිනාවෙන්න පුළුවන්.අද ඇස්ටොනිෂ් කියන්න යන්නේ ඒවා තමයි.

දර්ෂ ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි වගේම ඉකෝලෙදි එයාව පංතියේ නැත්තම් ඉන්නේ අයිටී රූම් එකේ විතරමයි. සමහරක් දවස් වලට කලණයි දර්ශවයි මහේෂ් සර් ඇතුළට ගන්නෑ ඒ වෙලාවට ඉතින් ඒ දෙන්නා කරන්නේ මට ෆ්රී ටයිම් එකක් එනකන් ඉදලා මාව ඉස්සරහට දාලා අයිටී රූම් එකට පනින එක. 2007-08 ගනන් වල අයිටී මැගසීන් එකක් ආවා රේ කියලා ඔය මැගසින් එකේ ෆ්රී ගේම්ස් වගයක් දුන්නා දර්ශ කරන්නෙ සර් ගෙන් මැගසීන් එක අරන් ගේම් ටික කොපි කරලා රේ එක හරි නෑ කියල ආයෙම සර්ට දෙන එක. අපේ සර් හරීම අහිංසක නිසා මුකූත් කියන්නෑ ඉතින්. ඉකෝලේ මුළින්ම එන්නේ දර්ශ ඒ මොකටවත් නිමි අයිටී රූම් එක අතුගාලා පැය භාගයක් විතර ගේම්ස් ගහන්න 7.30 වෙනකන්. ඉකෝලේ පෙන් ඩ්‍රයිව් තිබ්බේ ළමයින්ගෙන් අපි තුන් දෙනාට විතරයි. දැන් මේක කියවන අය හීනා වෙයි ඒත් 2008-9 කාල වල පෙන් එකක් තියෙනව කියන්නෙ ලඟ අමුතූම ගැන්මක් තියෙන්නෙ. අනික ඒ දවස් වල හයිම කැපසිටි එක තිබ්බේ 1 ජිබී.මහේෂ් සර්ම තමයි දර්ශටයි කලණටයි පෙන් දෙක ගෙනත් දීලා තිබ්බේ. ඒ වගේම ඉතින් අළුත් වාර පටන් ගනිද්දී මහේෂ් සර්ට හම්බේන කේක් පෙට්ටි ටිකට වග කියන්නෙත් අපි තුන් දෙනාම තමයි.

Monday, December 14, 2015

හීනෙකින්වත් කෑමක් නම් අතරින්නෑ


අන්තිමට පොස්ට් එකක් දැම්මේ කවදද?කියලත් මතක නෑ කාලේකින් පොස්ට් එකක් දැම්මේ නෑ කියල නම් මතකයි. පොස්ට් දාන්න අයිඩියා එද්දි මං කොම් එක ලඟ නෑ, කොම් එක ලඟට ආවම ලියන්න දෙයක් මතක් වෙන්නෑ. ඔය අතරේ තමයි මගේ බොක්ක ෆිට් එකක් දැක්ක හීනයක් මතක් උනේ. හීනේ දැක්කේ මගේ 1 වසරේ ඉදන් අද වෙනකන් ඉන්න යාළුවෙක් වෙන සූ. අපි ආදරේට එහෙමයි කතා කරන්නේ.

මේ හීනේ දැකලා තියෙන්නෙ නම් අපි ඒලෙවල් කාලේ.මෙන්න මේකයි හීනේ සවිස්තරාත්මකව ගත් කල,

වෙන ඉස්කෝල වල නම් කොහොමද දන්නෑ.  අපේ ඉස්කෝලේ  ප්‍රින්සිපල්ට වඩා ළමයි කැමති මුර කරන අංකල්ට. දවසක් අපි 5දෙනා ප්‍රින්සිපල් ගෙන් අහන්නැතුව මුර කරන අංකල්ට විතරක් කියලා පාරට ගිහින් අයිස් ක්‍රිම් කන්න. අපි ඉතින් රස කර කර කකා එද්දිම ප්‍රින්සිපල් එනවලු ඉස්සරහට ප්‍රින්සිපල් ඇහුවලු කාගෙන් අහලද එළියට ගියේ කියලා. ඊට පස්සේ අපි කියලා මුර කරන අංකල්ගෙන් අහලා ගියේ ඔයා කවුද ඔයාගෙන් අහල එළියට යන්න කියලා. හොඳ වෙලාවට එහෙම අහලා තියෙන්නෙ හීනෙන් ඇත්තටම ඇහුවන්ම් පස් දෙනාගෙම බැජ් ගලවනවා හැමෝම ඉස්සරහ උදේ රැස්වීමේදි මොකද අපි 5ම ප්‍රිෆෙක්ට් ලනේ.හොද වෙලාවට ඒක හීනයක්ම උනේ. 

Tuesday, December 8, 2015

woe { පුංචිමලට ආදරේන් ලැබුණ දෑ. }




එකමත් එක කාලේක පුංචිම පුංචි මල් කුමරියෙක් ජීවත් වුනාලු. මේ පුංචි මල් කුමරි කාලේත් එක්ක හැමෝගෙම ඇස් උදුර ගන්න සමත් උනා වගේම කටකාර දඟකාර හුරතලියක් ලෙස හැමෝම අතර ප්‍රසිද්ධලු . ඔය අතරේ මේ පුංචි දගකාරිගේ හිත ගන්න ගොඩාක් දෙනා උත්සහා කරත් මේ පුංචියාට ගානක්වත් තිබ්බේ නෑ. මොකද එයාට එයාගේ ගෙදර අය පාසලේ ගුරුවරු වගේම යාළුවෝ පවා ආදරය රැකවරණය අසීමිතව හම්බුන නිසා වෙන අයගේ ආදරයක් තියා බැල්ලමකටවත් ඒ හිත ගන්න බැරි උනා. ගොඩක් අය ආදරේ කරේ ඒ පුංචි මල් කුමාරිගේ හිනාවට, මොකද මල් කුමාරි සැහැල්ලුවෙන් පාවි පාවි හිටියේ වලාකුලක් වගේ කිසිම බරක් තිබ්බේ නෑ හිතේ ඉතින් තිස්සෙම හීනා වුන ගමන්මයි. මේ මල් කුමාරිට හරිම හිසරයක් ලු සමහර එයා වටේ කැරකැවෙන අයගෙන් ඒත් මල් කුමාරි ගේ හිතේ තිබ්බේ තමන් මුළු ජීවිත කාලේටම එකම එක සමනළයෙකුට විතරක්ම තමන්ගේ හිත දෙන්න. මොකද එයා කැමති උන්නැ කවදාවත් මලක් වෙන්න. මොකද මල් වලට සමනල්ලු, මැස්සෝ, කූබියෝ වගේම බඹරුත් වහන නිසා.මලක් කියන්නෙ පොදු වස්තුවක් වගේ දෙයක් නිෂ්චිත අයිතිකාරයෙක් නෑ. මෙයා ඇත්තටම මලක් නොවුන මලක් කියලා තමයි අපට හිතන්න වෙන්නේ එහෙමනම් නේද?

Saturday, December 5, 2015

They still together_09


උදෙන් නැගිටිනව කියන එක කරන්න බැරි දෙයක් නිමි කරන්න බැරිම දෙයක්. වයසේ වැරද්දද? ඇත්තටම මොකක්ද මේ වයසේ වැරැද්ද කියන ඒකේ තේරුම. අපි දැන් කරන වැරදි අපිට කලින් මේ වයස ආපු අයත් කරා කියල කන්ෆෝම් කරනවා වෙන්න ඇතිනෙහ්.ඕණ එකක්, ඊයේ හරියට නින්දක් නැති නිසා මාව නිකන් මත් වෙලා වගේ. වතුර බිබි ශේප් උනා.කවදාවත් නැතුව වමනෙටත් එනවා වගෙ, හොඳ වෙලාවට මං ලඟ ටික් ටැක් තිබ්බේ නැත්තම් ඉතින් වෙන දේ කියන්න ඕණ නෑනෙ. මං ගේට් එකෙන් ඇතුල් වෙනකටම උඩ බැල්කණි එකේ ඉන්දන් අකංෂා අත වැනුවා. වෙලාව 7.52 මේ බූතිද මේකේ ගෙට් එක අරින්නේ.යමුකෝ ගිහින්ම අහනවා.කියලා හිතාගෙන මං අකංෂා ඉන්න තැනට ගියා.

ගේට් එක අරිනවට කීයක් දෙනවද උඹට?
ඇයි මගෙ ජොබ් එකට විදින්න හිතුනද?
හීනෙකින්වත් නෑ.